Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

LPL ගැන සනත් කලකිරෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර LPL තරගාවලියේ දුර්වල කඩුලු පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය පවසයි.

ඔහු Twitter සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ක්‍රීඩා ලෝලීන්ට ජවයක් ලැබෙන ආකාරයේ තරගවලට සියලුදෙනා කැමති අතර එළඹෙන සුදුසුකම් ලැබීමේ තරගවලදී වඩා හොඳ ක්‍රිකට් කඩුලු ලබා ගනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි සනත් ජයසූරිය Twitter සටහනක් මගින් පවසයි

මූලික වටයේ තරග 20 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට සමත් වුණේ දඹුල්ල අවුරා කණ්ඩායමයි.

දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට  ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ(15) සමත් වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ කඩුලු 8ක විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.

Qualifier 1 –  දඹුල්ල හා ගාල්ල   17 පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී

Eliminator  – මහනුවර හා යාපනය 17  රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී

Qualifier 1 තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගනියි.

පරාජයට පත් වන කණ්ඩායම Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Qualifier 2 තරගය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Scroll to Top