ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
මෙම තීරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ සීමිත පන්දුවාර පිටියට විශේෂ අවධානයක් ලබා දීමේ අරමුණින් වනිඳු මෙම තීරණය ගෙන ඇති බවයි.
ඔහුගේ සමුදීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,
“අපි ඔහුගේ තීරණය පිළිගන්නා අතර ඔහු අපගේ සීමිත පන්දුවාර පිටියේ ඉදිරියට යන විට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බව අපි විශ්වාස කරනවා.”
26 වැනි වියේ පසුවන හසරංග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු නොවූ අතර ඔහු මේ දක්වා ටෙස්ට් තරග හතරක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබේ.