Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පිරිසිඳු ජලය අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණක් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජල පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලය පවසයි.

ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව ද ඔවුන් පවසයි.

ජලය ලබා ගන්නා ස්ථානයේ ප්‍රමාණවත් ජල මට්ටමක් නොමැති වීම හේතුවෙන් ජලය පිරිපහදු කිරීම සහ සැපයුම අඩු විය හැකි බව ද සඳහන් කරයි.

මෝටර් රථ සේදීම, ගෙවතු වගාව, පිහිනුම් තටාක නඩත්තුව වැනි කටයුතු සඳහා පිරිසුදු කළ නළ ජලය භාවිතය සීමා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අඩු පීඩනය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවලට ජල සැපයුම අඩාල විය හැකි බවත් ජලය රැස්කර අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබුණහොත් තත්ත්වය යහපත් විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය ලැබිය හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

Scroll to Top