Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රිදියගම සෆාරි උද්‍යානයේ ඉපදුණු සිංහ පැටවු දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රිදියගම සෆාරි උද්‍යානයේ ”සිනා” නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.

ඒ අනුව මෙම පැටවුන් දෙදෙනා දවසේ සීමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට තබන බවයි රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියි.

මෙම පැටවුන් දෙදෙනා බිහිකළ ‘’සිනා’’ සිංහ දෙනුව විසින් අවස්ථා තුනකදී පැටවුන් 9 දෙනෙකු බිහිකර තිබෙන අතර අද වන විට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිව මේ වනවිට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව 18 ක්.

එමෙන්ම මෙම සිංහ පැටවුන් දෙදෙනාට මේ වනතෙක් නම් තැබීමක් කර නොමැති අතර එම සිංහ පැටවුන්ට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ Facebook පිටුව මඟින් ළමයින්ට අවස්ථාව සලසා දී තිබෙන බවත් හොදම නම් යෝජනා කරන කීපදෙනෙකුට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියි.

Scroll to Top