මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේදී අද(11) විවෘත කෙරෙයි.
ඒ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ ය.ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.
මේ වනවිට අර්තාපල් තීරු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500 ක් පමණ වැය කෙරෙයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
දැනට මෙරට සකසන ලද අර්තාපල් තීරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙරට වගා කරන අර්තාපල් යොදා ගනිමින් අර්තාපල් තීරු සකස් කෙරේ. ඒ සඳහා ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව විසින් මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1000කි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2018 දී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පියවර ගත් අතර ඉන්පසුව එහි වැඩ කටයුතු විවිධ ගැටළු නිසා අකර්මණ්‍යව තිබිණි.
නමුත් නැවතත් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා පත්වීමෙන් පසුව මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වූ අතර අද(11) දින එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.