කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවති , ජලාශයට යට වි තිබු නටබුන් රැසක් යලි මතුවෙමින් පවති.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම ජලාශ දෙකේම ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
(10) දින උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම වන අඩි 120 න් අඩි 52 ක් අඩු වි ඇති බවත්, කාසල්රි ජලාශයේ පිටාර මට්ටම අඩි 155 න් අඩි 37 ක් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
එම ජලාශ දෙකේ ලබා ගන්නා ජලයෙන් කැනියොන් , විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සමනල යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරන අතර, දැනට එම ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.
එම විදුලි බලාගාරවල විදුලි උත්පාදනයෙන් පසු ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයෙන් ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.
රංජි