තමන් 2015 දී කෘෂිකර්ම අමාත්‍යයවරයා ලෙස ලබා දුන් ගොයම් පැළ සිටුවන යන්ත්‍ර, ගොවීන්ගේ පරිහරණයට ලබා නොදී ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථානවල තවමත් රඳවාගෙන සිටින බවට දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මැදවච්චිය, කඩවත්ගම පැවති උත්සවයකදීය,
දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර, කහටගස්දිගිලිය කෝන්වැව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි උපකරණ බෙදා දීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව, එම මධ්‍යස්ථානයේ ඉදිරිපිට කොරිඩෝවේ තිබූ නවීන පැළ සිටුවීමේ යන්ත්‍ර සම්බන්ධයෙන් ඒම මධ්‍යස්ථාන නිළධාරීන්ගෙන් එදින විමසීමක් කරනු ලැබීය.එහිදී නිළධාරීන් කියා සිටියේ ගොවීන් මේවා භාවිත නොකරන නිසා එම ස්ථානයේ පවතින බවයි.2015 වර්ෂයේදී ඒවා එම මධ්‍යස්ථානයට ලැබුණු බවද ඔවුන් පැවසීය.
අදාළ සිදු වීම සම්න්ධයෙන් හිටපු අමාත්‍යයවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
ගොවි ජනතාවගේ ඉල්ලීම් තිබෙනවා, වියදම වැඩි නිසා කෘෂි යන්ත්‍ර උපකරණ ලබා දෙන්න කියලා, පහුගිය දවසක මම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ බඩු බෙදා දීමේ අවස්ථාවකට ගියහම.ලස්සනට ගොඩ ගහලා තියෙනවා ගොයම් පැළ සිටුවන යන්ත්‍ර, මම දුන්නේ ඒවා 2015 දී, තාම පැකින් කඩලා නෑ, කාගෙද මේකේ වරද, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව බලහත්කාරයෙන් හරි මේක උගන්වන එක තමයි ජොබ් එක.ආණ්ඩුවෙන් මේ ආදර්ශන දුන්නට පස්සේ ගොවි මහත්වරු මේවා කරන්නේ නෑ කියලා, ඉඳලා හරියන්නේ නෑ. ආණ්ඩුවෙන් පඩි ගන්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව කරන, කෘෂිකර්මාන්තය නගා සිටුවන්න ඉන්න ඔබතුමන්ලාගේ ජොබ් එක තමයි මේ ගොවිමහත්වරු ටික එකතු කර ගෙන ඒකට ඒ ගොල්ල යොමු කරන එක, එහෙම නැතිව කවදා හරි හිතුනොත් මම යන්ත්‍ර සූත්‍ර වලින් හිටවන්නම් කියලා හිටියොත් අපිට ඉන්න වෙයි තව කල්ප ගානක්, අපේ දරුවන්ගේ කාලෙවත් අපිට බැරි වෙයි, මේවා ආණ්ඩුවෙන් ණය වෙලා දීලා තියෙන්නේ, ආණ්ඩුව රට ණය කාරයෝ කරලා තියෙන්නේ, මේ වගේ යන්ත්‍ර සූත්‍ර අරගෙන, තාක්ෂණය ගමට ගෙනල්ලා ගොවි මහත්වරු එක්ක ක්‍රියාත්මක කරන්න, හැබැයි බොහෝම ලස්සනට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉස්සරහා මැෂින් 05 ම ගොඩගහලා තියෙනවා.ඇහුවම නෑ සර් කවුරුත් මේක පාවිච්චි කරන්නේ නෑ කියනවා.අඩුම තරමේ කවුරුත් මේක පාවිච්චි කරන්නේ නැත්නම් පාවිච්චි කරන්න පුලුවන් ගොවි සංවිධානයකට හරි මේක දෙන්න ඔ්න, එහෙම නැතිව අවුරුදු 07-08 ක් වැඩ ගන්නේ නැතිව පැකින් පිටින් තියා ගත්තම මේ රටට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ තම තමන් -තම තමන්ගේ ජොබ් එක කරන්නේ නැති නිසා යැයි පැවසීය.
තිසර සමල් – අනුරාධපුර