ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
මේවනවිට පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතියි.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ එම කාලය තුළ අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් විදුලිය භාවිත කරන්නේ නම් බාධා අවම කර ගනිමින් විදුලි සැපයුම ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි.