Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

යාල් නිලා ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වේ.

යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක්ද දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල්. 2000 ක් ද වන අතර මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීවේය.

මෙම යාල් නිලා අධිසුඛෝපභෝගි දුම්රියේ තුන්වන පන්තියේ ආසන 106ක්, දෙවන පන්තියේ ආසන 128ක්, පළමු පන්තියේ ආසන 336කින් සමන්විත වන අතර ඔන්බෝඩ් පිරිසුදු කිරීමේ පහසුකම් මෙන්ම ආපණශාලාවකින් ද සමන්විතය. මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරගත හැකිය.

පාලනය කළ නොහැකි හේතුවක් හැරෙන්නට මෙම ගමනාන්ත නවතා දැමීමට හැකියාවක් නැති බව කී අමාත්‍යවරයා කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් උතුර දකුණ යා කර ජනතාවගේ සමඟිය සහජීවනය ස්ථාපිත කිරීමට අදාළ පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කරනු ඇති බවත් කීවේය.

උතුර සහ දකුණ යා කරමින් දීර්ඝ කාලයක් යාල්දේවී දුම්රිය ධාවනය වුණා. යුද ගැටුම් නිර්මාණය වීමෙන් පසු මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කන්කසන්තුරය සහ කොළඹ අතර දුම්රිය ධාවනය ආරම්භ වුණා. මීට මාස කිහිපයකට පමණ පෙර දුම්රිය ගමනාගමනය නතර කිරීමට අපට සිදු වුණා. අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර පැයට කිලෝමීටර 100ක වේගයෙන් ධාවනය කිරීමට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කර තිබෙනවා යැයි ද හෙතෙම කීවේය.

මෙහිදී අදහස් දැක්වූ දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වජිර සමන් පොල්වත්තගේ මහතා පැවසුවේ 2022 වසරේ ඇල්ල ඔඩිසි දුම්රියෙන් මිලියන 152ක ආදායමක් උපයා ඇති බවයි. ඇල්ල ඔඩිසි දුම්රියෙන් 2023 මේ දක්වා මිලියන 144ක ආදායමක් උපයා ඇති බව ද කීය.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ සීතාවක ඔඩිසි සංචාරක දුම්රියෙන් රුපියල් මිලියන 2.5ක ආදායමක් මේ දක්වා උපයා ඇතැයි ද ඒ මහතා කීවේය.

train sri lanka schedule, train sri lanka booking,train sri lanka schedule,train schedule sri lanka,sri lanka railway,
railway stations,sri lanka railways,sri lanka railway time table

Scroll to Top