දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමු පළාත් සභාව මගින් රඹුක්කන පින්නවල සංස්කෘතික කලාපයක් Pinnawala Night Market ක්‍රියාත්මක කරයි.
ඒ යටතේ සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් පුරා මෙම සංස්කෘතික කලාපය ක්‍රියාවට නංවා ඇත.
ඒ යටතේ වෙස් නැටුම්, සොකිරි, ගිනි සිසිල, සළු පාලිය, අංගම්පොර වැනි සංස්කෘතික අංග රැසක් පැවැත්වේ.
එමෙන්ම ස්ට්‍රීට් ෆුඩ් (Street Food) කෘෂි නිෂ්පාදන, දේශීය අත්කම් භාණ්ඩ හා රෙදිපිළි අලෙවි හා ප්‍රදර්ශන මධ්‍යස්ථාන ද මෙම දෙදින තුළ විවෘත කර ඇත.
මෙම මස 28,30 දෙදින පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙය Pinnawala Night Market ලෙස නම් කර ඇත.
මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන (29) රඹුක්කන පින්නවල ඉපැරැණිගම තේමා උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්වුණි.
සබරගමු පළාතේ රඹුක්කන පින්නවල ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් විශාල ලෙස පැමිණේ.
නමුත් ඔවුන් රඹුක්කන පින්නවල හෝ සබරගමු පළාතේ සෙසු ප්‍රදේශ සිය ගමනාන්තයක් ලෙස භාවිත නොකරයි.
ඊට පිළියමක් ලෙස මෙම සංචාරකයන් සබරගමු පළාත තුළ රදවා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම Night Market සංකල්පය සබරගමු පළාත් සභාවෙන් හදුන්වා දී ඇත.
මේ සදහා සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක දායකත්වය හිමිව ඇත.
ඊට රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ද දායකත්වය දක්වා ඇත.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, වැඩ බලන ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, ජේෂ්ඨ සහකාර ලේකම් ශමේදානි මාතරහේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.