ජාතික වනෝද්‍යානවල ඇති සංචාරක කලාපවල සතුන් සඳහා ජලය සැපයීමට තීරණය කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
සංචාරකයින්ට පහසුවෙන් සතුන්ව දැකිය හැකි ස්ථාන අවට රඳවා ගැනීම සඳහා මෙලෙස ජලය ලබා දෙන බව ඔහු පවසයි.
සංචාරකයින් තම වනජීවී කලාප වෙත පැමිණීම පවත්වා ගැනීම සඳහා වෙනත් රටවල පවා මෙම පිළිවෙත අනුගමනය කරන බව ඒ මහතා කියා සිටියි.