Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දින ගණනාවක් නිරහාරව ඉන්න අඹුසැමි යුවලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දින ගණනාවක සිට නිරහාරව කුසගින්නේ සිටින අඹුසැමි යුවලක් හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයේ අටවාගත් කුඩා නිවසක සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

ඔහුන් නමින් සුබ්‍රමණියම් ආරුමුගන් (71) සහ බිරිද රාමයියා වසන්තකුමාරි (59) නැමති අඹුසැමි යුවලයි.

කුසගින්න දරාගත නොහැකිව මාධ්‍ය මගින් සරණක් පතමින් සුබ්‍රමණියම් ආරුමුගන් මාධ්‍යවේදින් සොයා පැමිණිමෙන් පසු ඒ පිලිබදව සොයා බැලිමට අප ඔහු පදිංචි අටවා ගත් කුඩා නිවසට ගිය විට සුබ්‍රමණියම් ආරුමුගන් අප සමග ඔහුගේ දුක්ගැනවිල්ල මෙසේ පැවසිය.

මමයි මගේ බිරිදයි රෝගින් , අපට දරුවන් නැ , අපි ඉන්නේ දික්ඔය වත්තෙන් ලබාදුන්න කුඩා ඉඩමක අටවා ගත්ත නිවසක , වැස්සට නිවස  තුලට ජලය කාන්දු වෙනවා.

කොයි වේලාවේ හරි නිවස කඩාගෙන හිස මතට වැටෙයි කියලා අපි බයෙන් ඉන්නේ , අපි දෙන්නටම ඇස් පෙනිමේ දුර්වලතාවයක් තියෙනවා , අපි රෝගින් නිසා මට හෝ බිරිදට කිසිදු රැකියාවක් කරන්න බැ.

ඒ නිසා අපි දෙන්නට කිසිම අදායම් මාර්ගයක් නැ , අපට උදව් කරන්න කිසිවෙක් නැ , අපි දින ගණනාවක් බඩගින්නේ ඉන්නේ , ඉදලා හිටලා හැටන් ටවුමට ගිහින් මොනවා හරි පොඩි වැඩක් කරලා කියක් හරි හොයාගෙන මොනවා හරි බඩු ටිකක් අරන් ඇවිල්ලා කුසගින්න නිවා ගන්නවා.

එකත් දැන් දින ගණනාවක්ම කරගන්න වුණේ නැ , අපිට කවුරු හරි උදව් කරන්න අපේ ගෙදර පොඩ්ඩක් හදලා දිලා , අපි දෙන්නට කන්න මොනවා හරි දෙන්න.

බිරිදගේ රෝගි තත්ත්වයට සායන කටයුතු වලට මහනුවර ශික්ෂණ රෝහලට යන්න වෙලා තියෙනවා, එහෙම යන්න අපිට වත්කමක් නැ, මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැ.

මගේ බිරිදගේ අසනිප තත්ත්වය සුව කර ගන්න ඕනි, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි දෙන්නට උදව් කරන්න.

හැටන් මහජන බැංකුවේ ගිණුම් අංක 186-2-001-9-0021254 දරණ ගිණුමක් තියෙනවා , මගේ දුරකථන අංකය 0778140619, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි දෙන්නට උදව් කරන්න පිං සිද්ධ වෙයි.

රංජි

Scroll to Top