වතු ආශ්රිත පදිංචිකරුවන්ට ආපදා පෙරහුරු වැඩසටහනක් (27) දින හැටන් කොටගල මේෆිල්ඩ් , යුනිෆිල්ඩ් , කුඩාඔය යන වතුවලදි සිදු කෙරිණ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්ව මෙම ආපදා පෙරහුරු වැඩසටහන දියත් කෙරිණ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ප්‍රදේශවලට අධික වර්ෂාව සහ තද සුලං පවතින අවස්තාවල සිදු වන නායයාම් , ගං වතුර තත්ත්වයන් , පස් කදු කඩා වැටිම් , ගස් කඩා වැටිම් යන ආපදාවන් සිදු විමට ප්‍රථම එම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමේ අරමුණින් මෙම ආපදා පෙරහුරු වැඩසටහන පැවැත් වු බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එම්.බණ්ඩාර මහතා කියා සිටියේ.
වතු ආශ්රිත ප්‍රදේශවල මෙවැනි ආපදා පෙරහුරුවක් පැවැත් වු ප්‍රථම අවස්තාව මෙය බවත්, අධික වර්ෂාව පවතින අවස්තාවල නායයාම් ලක්ෂණ හදුනාගැනිම සම්බන්ධයෙන්ද මෙම පෙරහුරුවේදි වතු කම්කරුවන් දැනුවත් කිරිමට පියවර ගත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භු විද්‍යාඥ කසුන් තරින්ද මහතා කියා සිටියේ.
හදිසි ආපදාවකදි රෝගින් සහ තුවාලකරුවන් එම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට , අවතැන් වුවන්ට පිසු ආහාර පිලියෙල කිරිමට , අවතැන් වුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදිමට පෙරහුරුව පැවැති වතුවල තරුණ කණ්ඩායම්ද ස්ථාපනය කරනු ලැබුහ.
(27) දින සිට දින තුනක් වතු ආශ්රිත ප්‍රදේශවල මෙම පෙරහුරු වැඩසටහන පවත්වන බවත්, පෙරහුරු වැඩසටහන සම්පුර්ණයෙන්ම විඩියෝගත කර අනෙකුත් වතුවල පදිංචි වතු කම්කරුවන්ට එය නැරඹිමට අවස්තාව සලසා දෙන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
රංජි