ලබන මස පළමු වැනිදා සිට සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා බිස්කට් අලෙවි කිරීමේ දී අයිස්ක්‍රීම් අලෙවියේදි පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත් කී අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මෙම කටයුතු සිදු කිරීමට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ සහය අවශ්‍ය වන බවත් කීවේය.
පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර ප්ලාස්ටික ජල බෝතල් වෙනුවට වීදුරු ජල බෝතල් අලෙවි කරන ලෙස කාරක සභා සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම අධ්යක්ෂ ජනරාල්වරයාට යෝජනා කර ඇත. ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.