ලෝක කඩොලාන සංරක්ෂණ දිනය අදට (26) යෙදී තිබේ.
ලොව සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන සුරැකීමේ අරමුණින් යුනේස්කෝ ආයතනය ප්‍රකාශයට පත් කළ මෙම දිනයේ මෙවර තේමාව සංරක්ෂණය හා දැනුවත් කිරීම යන්නයි.
කඩොලාන මෙරට පරිසරයට චමත්කාරය මෙන්ම විවිධත්වය ගෙන දෙන සුන්දර පරිසර පද්ධතියකි.මෙරට කඩොලාන ගහණය හෙක්ටෙයාර් 19000 කට අධිකයි.
කඩොලාන යනු ශාක ලෝකයේ අපූර්වත්වය විදහා දැක්වීමට ගත හැකි හොඳම උදාහරණයකි. අති දුෂ්කර වූ පරිසර තත්ත්ව යටතේ තම ජීවිතය රැක ගනිමින් හා තම වර්ගයා ඉදිරියට ගෙන යෑමට විවිධ වූ අනුවර්තනයන්ගෙන් සමන්විත විශේෂ කිහිපයකින් සමන්විත පරිසර පද්ධතියකි. තවද ලෝකයේ ඉතා සීමිත පරිසරයක පමණක් දැකිය හැකි සුවිශේෂ පරිසර පද්ධතියක් ද වේ. කඩොලාන සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්රිත විශේෂ ලෙස ආකාර දෙකකි. සත්‍ය කඩොලාන ඉහතින් සඳහන් කළ සුවිෙශ්ෂ පරිසරය තුළ පමණක් දක්නට ඇති අතර කඩොලාන ආශ්රිත විශේෂ කඩොලාන පරිසරය තුළ මෙන්ම අභ්‍යන්තර තෙත්බ්ම් ආශ්‍රිතව ද දක්නට ඇත.
කඩොලාන පරිසරය
කඩොලාන ශාක බහුලව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල වෙරළාසන්න කලපු නොගැඹුරු මුහුදු බොකු හා මෝයන් ආශ්‍රිතවයි. මෙවැනි ස්ථානවල දක්නට ඇති ලවණතාවකින් යුත් නිර්වායු ගොහොරුමය පසේ හොඳින් වර්ධනයට විවිධ වූ අනුවර්තන රාශියක් මෙම ශාක පත්‍ර සතුව ඇත. මේ හේතුවෙන් මෙම පරිසර පද්ධතිය අනෙක් භෞමික පරිසර පද්ධතීන්ගෙන් වෙනස් වන අතර සුවිශේෂ පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. මෙහි දක්නට අති නිර්වායු තත්ත්වය හේතුවෙන් මෙම පසෙහි කාබනික ද්‍රව්‍යයන් නොදිරා දීර්ඝ කාලයක් තැන්පත් වී තිබීම සහ විවිධ විෂ වායූන් නිපදවීම ද මෙම පරිසර පද්ධතියේ ඇති තවත් සුවිසශ්ෂ වූ ලක්ෂණකි.
කඩොලාන පරිසරය සුවිශේෂ ව්‍යාප්තියක් පෙන්වන බවත් මෙවා නිවර්තන කලාපයට හා උෂ්ණ දියවැල් ක්‍රියාකාරීත්වය සහිත උප නිවර්තන කලාපයේ රටවල් කිහිපයක් ආශ්‍රිතවත් දක්නට ඇත. කඩොලාන පරිසරය අත් බිම් සීමාව ඉතා කුඩා වුවත් එහි වටිනාකම ඉතා විශාල වේ. ලොව වටා රටවල් හා ප්‍රදේශ 123ක හමු වේ. කඩොලාන ප්‍රජාව අත් භූම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 152ක් ලෙස ගණනය කර ඇත. එමෙන්ම ලොව කාඩොලාන ව්‍යාප්තියෙන් වැඩි ප්‍රතිශතයක් සහ වැඩි විවිධත්වයක් වාර්තා වන්නේ ආසියානු කලාපීය රටවල් තුළ වීම විශේෂ කරුණකි. රටක් ලෙස කඩොලාන වැඩිපුර වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙනි. ලෝකයේ කඩොලාන විශේෂ සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි අගයක් නැතත් දැනට ස්මිත්සෝනියන් ආයතනය මඟින් 2020 වසරේදී ප්‍රකාශයට පත් කළ පරිදි ලොව වටා සත්‍ය කඩොලාන විශේෂ 54ක් ඇත.
ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුව ද කඩොලාන විවිධත්වය අතින් සුවිෙශ්ෂ ස්ථානයක් හිමි කර ගෙන ඇත. ලෝකයේ වාර්තා වන කඩොලාන විශේෂ අතුරින් 1/3 පමණ මෙම කුඩා දිවයිනෙහි වාර්තා වේ. ශ්‍රී ලංකාවේ හමු වන සත්‍ය කඩොලාන පිළීබඳ ද විවිධ විද්‍යාඥයන් අතර විවිධ මත පැවත ඇත. මේ බව පසුගිය දශක හතරක පමණ විද්‍යාත්මක පත්‍රිකා හා ග්රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ. කෙසේ නමුත් මෙම ගැටලුව විසඳීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මැදිහත් වූ අතර ශ්‍රී ලංකාවේ කඩොලාන පිළිබඳ ප්රවීණයන්ගේ එකඟතාවෙන් ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන අධ්‍යයනය කර විශේෂ 21ක් හඳුනාගෙන ජාතික රතු දත්ත ලේඛනය හරහා ප්‍රසිද්ධ කර ඇත. මේ වන විට කඩොලාන පිළිබඳ අධ්‍යයනය කරන්නන් මෙම ලේඛනය පරිශීලනය කිරීමට පුරුදුව ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත තොරතුරු අනුව මෙරට හෙක්ටයාර 15,570ක කඩොලාන ව්‍යාප්තව ඇත. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ හමු වන දිස්ත්‍රික්ක 14ම විවිධ ප්‍රමාණයන්ගෙන් කඩොලාන වාර්තා වී ඇත. මේ අතුරින් යාපනය, පුත්තලම, ත්‍රිකුණාමලය. මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් හා සාපේක්ෂව වැඩි ව්‍යාප්තියක් දක්නට ඇත. අඩුවෙන්ම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ අතුරින් වැඩිම විශේෂ සංඛාවක් (19) වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර අඩුම විශේෂ සංඛ්‍යාවක් (7) වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. දිස්ත්‍රික්කය තුළ ඇති වනාන්තර ප්‍රමාණයට සාපේක්ෂව වැඩි කඩොලාන වනාන්තර ප්‍රමාණයක් හමුෙවන්නේ ද යාපනය දිස්ත්‍රික්කයේ වන අතර දෙවනුවට ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයේය. මෙරට හමු වන සියලු කඩොලාන විශේෂ එක් කඩොලාන පරිසර පද්ධතියකින් හමු නොවන අතර සමහර කඩොලාන විශේෂ දේශගුණික කලාප අනුව ව්‍යාප්තිය වෙනස් වේ. මෙරට හමු වන කඩොලාන විශේෂ 21 අතුරින් විශේෂ 3ක් පමණක් එනම් Rhizophora mucronata (එල කඩොල්), Lumnitzera racemosa (බෑරිය), සහ Excoecaria agallocha (තෙළකීරිය) කඩොලාන හමු වන දිස්ත්‍රික්ක 14ම වාර්තා වේ. මෙම විශේෂ 4 මෙරට සුලබතම කඩොලාන විශේෂ ද වේ.
මෙරටින් හමුවන කඩොලාන විශේෂ 21න් 10ක් ජාතික වශයෙන් තර්ජනයට පත් විශේෂ ලෙස 2012 ජාතික රතු දත්ත ලේඛනය මඟින් හඳුන්වා දී ඇත. මේ අතුරින් Lumnitzera littorea (රතමිල්ල) සහ Ceriops decandra (රතු පුංකණ්ඩ) යන විශේෂ දෙක දැඩි ලෙස තර්ජනයට පත් (CR) කඩොලාන විශේෂ ලෙස හඳුන්වා දී ඇත. මේ අතුරින් රතමිල්ල ශාකය ඇත්තේ බලපිටිය මාදු ගඟෙහි පමණක් වන අතර එය ගස් 22-24 පමණ සීමාවී ඇත. මෙයින් බහුතරයක් ශාක වසර 150 පමණ ඉක්මවා ඇති බව පැහැදීලි වේ. රතු පුංකණ්ඩ ශාකය හමුවන්නේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් පමණි. මෙම ස්ථාන ද විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට පත්ව ඇත. මෙම කඩොලාන විශේෂ දෙකෙහි මෙම අන්තරාකාරී තත්ත්වය හඳුනාගෙන බොහෝ කල් ගත වුව ද සංරක්ෂණය සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.
මීට අමතරව තවත් කඩොලාන විශේෂ තුනක් තර්ජිත (EN) විශේෂ ලෙස දක්වා ඇත. මේවා Bruguiera cylindrica (මල් කඩොල්), Sonneratia alba (යක් කිරල) සහ Xylocarpus granatum (මුට්ටි කඩොල්) යන විශේෂයි. මෙම විශේෂ තුනෙහි ද ව්‍යාප්තිය සීමිත අතර එක් පරිසර පද්ධතියක හමු වන ඒකකයන් සංඛ්‍යාව ද පහත් අගයක පවතින බැවින් තර්ජිත විශේෂ ලෙස නම් කර ඇත. මෙම විශේෂ තුන පිළිවෙළින් දිස්ත්‍රික්ක 08ක, 03ක සහ 06ක පමණක් වාර්තා වී ඇත. ඉතිරි විශේෂ 05 තර්ජිත (VU) විශේෂ ලෙස නම් කර ඇත. තවද තර්ජනයට ලක්වී නොමැති විශේෂ 11 අතරික් තවත් විශේෂ 05ක් තර්ජනය වීමට ආසන්න විශේෂ (NT) ලෙස ද නම් කර ඇත. මේ අනුව බලන කළ මෙරට සුරක්ෂිතව ඇත්කේ කඩොලාන විශේෂ 21 අතුරින් විශේෂ 05ක් පමණි.
ශ්‍රී ලංකාවේ කඩොලාන බ්ම් ප්‍රමාණය ලෝකයේ කඩොලාන වපසරිය සමඟ සැසැඳීමේදී නොසලකා හැරිය හැකි බ්ම් ප්‍රමාණයක් බව හැඟී යයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේදී ප්‍රකාශිත දත්තයන්ට අනුව මෙරට කඩොලාන ව්‍යාප්ත වූ බ්ම් ප්‍රමාණය හෙක්ටයාර 15,670කි. මෙය මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 0.23%කි. කඩොලාන වපසරිය ඉතා කුඩා වුවද ලොව හමු වන කඩොලාන විශේෂ අතුරින් 39%ක් පමණ එනම් ලොව හමු වන කඩොලාන විශේෂ අතුරින් 1/3ට වඩා වැඩි ප්‍රමාණයක් මෙරටින් වාර්තා වි ඇත.
කඩොලානවලින් ඇති ප්‍රයෝජන
මෙම පරිසර පද්ධතිය ජෛව විද්‍යාත්මකව, පරිසර විද්‍යාත්මකව, සෞන්දර්යාත්මකව මෙන්ම සමාජ හා ආර්ථික වශෙයන් ඉතා වැදගත් වේ. කඩොලාන පරිසර පද්ධතිය මඟින් පරිසරයට සිදු කරනු ලබන සියලු සේවාවන් සෘජුව හෝ වක්‍රාකාරයෙන් මානව ප්‍රජාවට ද විශාල ලෙස ප්‍රයෝජනවත් වේ. වර්තමානයේදී ප්‍රධාන ගෝලීය ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති ගෝලීය උණුසුම හෙවත් මිහිතලය උණුසුම් වීමේ අවදානම අවම කිරීමේ ලා කඩොලාන පරිසර පද්ධතීන් විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි. අනෙකුත් භෞමික පරිසර පද්ධතීන්ට සාපේක්ෂව පස් ගුණයකට ආසන්න ප්‍රමාණයක් කාබන් තිර කරමින් මේ සඳහා විශාල දායකත්වයක් දෙනු ලබයි. නවතම පර්යේෂණයන්ට අදාළව ගෝලීය කඩොලාන පරිසර පද්ධතීන් මඟින් කාබන් මෙට්‍රික් ටොන් බිලියන 6.4ක් තිරකර ගෙන ඇති බව වාර්තා වේ.
ෙමයට අමතරව පහත සඳහන් සෘජු හා වක්‍ර ප්රතිලාභ කඩොලාන පරිසර පද්ධතිය මගින් ලැබේ. කඩොලාන පරිසර පද්ධතිය තුළ මෙන්ම කලපු, ගංමෝය මෙන්ම ආසන්න සාගරයේ ආහාර ජාලයන් පවත්වා ගැනීම සඳහා විශාල දායකත්වයක් සපයා දේ. මෙමඟින් නිපදවන හා තිරකර ගන්නා කාබනික ද්‍රව්‍ය මත පදනම් වූ සුවිෙශ්ෂි ආහාර ජාල මෙහි දී හමු වේ. මෙය සාගරයේ මත්ස්‍ය අස්වැන්න වැඩිකිරීමට විශාල දායකත්වයක් දෙන බව පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත. මෙම පරිසර පද්ධතීන් සාගර, ගං මෝය හා කලපුවල ඉවුර ඛාදනය විශාල ලෙස පාලනය නරමින් එම ඉවුරු ශක්තිමත් කිරීම සිදු කරනු ලබයි. මෙලෙසම ගොඩබිම සිට පැමිණෙන ජලයේ මෙන්ම සාගර සිට ගොඩබිමට පැමිණෙන උදම් ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය රොන්මඩ මෙන්ම බැර ලෝහ රඳවා ගන්නා ස්වාභාවික පෙරණයක් සේ ක්‍රියා කරමින් විශාල පාරිසරික සේවාවක් ඉටු කරනු ලබයි. තවද මෙම අපූරු පරිසර පද්ධතිය මත්ස්‍යයන්, ක්රස්ටේශියාවන් සහ මොලුස්කාවන් බෝ වීමට සහ පැවැත්ම සඳහා ඉතා සුදුසු පරිසර තත්ත්ව සපයා දෙන අතර මොවුන්ගේ කීට අවස්ථා සඳහා මනා ආරක්ෂාවක් සහ ආහාර සපයා දේ. මෙම පරිසර පද්ධතිය තුළින් ලැබෙන සේවාවන් අතර දේශීය මෙන්ම පර්යටන පක්ෂීන් සඳහා ආහාර මෙන්ම ආරක්ෂිත නවාතැන් ඉතා වැදගත් ස්ථානයක් ගනී.
මෙම සේවාවන්ට අමතරව ආහාර, පලතුරු, ඖෂධ, ඉන්ධන මෙන්ම පාරිසරික සංචාරක කර්මාන්තය නිවැරදිව ක්‍රියාත්මක කිරීම මඟින් සෘජු ආදායම් ගැනීමට හැකියාවක් ඇත. මීට අමතරව මෙම අසමසම පරිසර පද්ධතිය තුළින් පෙනෙන නොපෙනෙන පාරි්සරික මෙන්ම ආර්ථික සේවාවන් රැසක් මිනිසා ඇතුළු සමස්ත ජෛව ප්‍රජාවටම ලබාදේ.
කඩොලාන විනාශය
කඩොලාන පරිසර පද්ධකි වඳවීමේ තර්ජනයට පත් පරිසර පද්ධතීන් ලෙස හඳුනාගෙන ඇත. නොදැනුවත්කම මෙන්ම වුවමනාවක් නැතිකම මෙම හායනයට ප්‍රධානම කාරණා ලෙස හඳුනාගත හැකිය. මෙරට හමු වන සත්‍ය කඩොලාන විශේෂ 21න් 10ක් තර්ජනයට පත්ව ඇති අතර තවත් විශේෂ 5ක් තර්ජනයට පත් වීමට ආසන්න වී ඇති බව 2012 ජාතික රතු දත්ත ලේඛනය මඟින් තහවුරු කර ඇත. පහත සඳහන් කාරණා හේතුවෙන් කඩොලාන පරිසර පද්ධතීන් තර්ජනයට පත්ව ඇත.
කඩොලාන සුරැකීම සඳහා මෙම පරිසර පද්ධතිය පිළිබඳ නිසි විද්‍යාත්මක අධ්‍යයනය මෙන්ම මෙම අධ්‍යයනයන්ගෙන් ගන්නා දැනුම සහ තොරතුරු දැනුම්වත් කිරීමේ වැඩසටහන් මෙන්ම පුහුණු වැඩසටහන් හරහා නිසි ආකාරයෙන් ජනගත කිරීම ඉතා වැදගත් වේ. මෙම දැනුම ප්‍රතිපත්ති සකසන්නගේ සිට සාමාන්‍ය මහජනතාව වෙත ගැළපෙන අයුරින් සම්ප්‍රේෂණය කිරීමට නිසි ජාතික වැඩපිළිවෙළක් සැකසීම ඉතා වැදගත් මෙන්ම කාලෝචිත වේ. කඩොලාන වර්තමානය වන විට බොහෝ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන මෙන්ම පිළිබඳ උනන්දුවක් දක්වන පරිසරවේදීන්, පරිසර විද්‍යාඥයන් ඇතුළු විශාල කණ්ඩායමක අවධානයට ලක්ව ඇත. මෙහි වාසි හා අවාසි දෙකම ඇතත් මේ වන විට කඩොලාන සංරක්ෂණය කෙරෙහි ගෝලීය අවධානය ද පෙරට වඩා යොමුව ඇත.
මේ වන විට පරිසර අමාත්‍යාංශය, එහි ආයතන සහ අදාළ අනෙකුත් ආයත එක්ව අමාත්‍යාංශයේ පිහිටුවා ඇති කඩොලාන සංරක්ෂණ හා තිරසර භාවිතය පිළිබඳ ජාතික කමිටුව මෙන්ම කඩොලාන සංරක්ෂණය පිළිබඳ කාර්ය සාධක බළකාය සමඟ කඩොලාන සංරක්ෂණය සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කර තිබේ.
කඩොලාන සංරක්ෂණය සඳහා වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව මේ වනවිට පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.
ඒ යටතේ කඩොලාන නැවත සිටුවීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් හෙක්ටෙයාර් 800ක කඩොලාන නැවත වගාව සිදුකර අවසන් වේ.
මෙරට පරිසරට අසිරිය ගෙන එන කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම අපගේ වගකීමක් නොවන්නේ ද?