Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුඩා තේ වතු  වගාව අතහැර දැමීමේ අවදානමක්. කසල තේ ප්‍රවාහනය කරන නවතම ක්‍රමය “B M Feniz”

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට තේ නිෂ්පාදනය සදහා කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙනුයේ ඉතා  ඉහල දායකත්වයකි.එනමුත් පවතින ආර්ථික අර්බුද හමුවේ කුඩා තේ වලින් අමු දළු නිෂ්පාදනය කිරිම නවතා දැමීමට සිදුව ඇති බවට මැසිවිලි නගති.

සිය කර්මාන්තයේ කඩා වැටිම පෙන්වා දෙන හැටන් – රුවන්පුර කුඩා තේ වතු හිමියෝ මෙසේ පවසති.

පසුගිය සමයේ අමු තේ දළු කිලෝවක් සදහා ගෙවනු ලැබු මුදල රුපියල් 235.00 කි .නමුත් ඒ තත්ත්වය ක්‍රමයෙන් අඩු වී මෙම මාසයේ අමු තේ දළු කිලෝවක් සදහා ගෙවන මුදල රුපියල් 110.00 ක් බවට පත්ව තිබේ .

ඩොලරයේ අගය අඩු වීම නිසා බව පවසමින් තේ දළු මිළ දී ගන්නා වෙළෙන්ඳන් ගෙවන මුදල අඩු කළද තේ ගස් සදහා යොදන පොහොර ,විටමින් හා බෙහෙත් වර්ග වල මිළ අඩුවී නැති බවත් ,කම්කරු දීමනා ආදි සියලු වියදම් අවසානයේ අමු තේ දළු කිලෝවක් සදහා රුපියල් 150.00 ක් පමණ පිරිවැයක් දැරිමට සිදුවී තිබිය දී  රුපියල් 110.00 ක් වැනි මිළකට තේ දළු කිලෝවක් ලබා දීමේ දී සිදුවන පාඩුව දරා ගත නොහැකි බවත්, එම නිසා තේ වගාව අතහැර දැමීමට සිදුවන බවටත් ගොවිහූ  මැසිවිලි නගති.

එමෙන්ම මෙරට තේ කර්මාන්තය කඩා වැටිමට හේතු වන තවත් කාරණාවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, මහ පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාව ,මැලේසියාව වැනි රටවල් වලින් නිමි තේ ගෙන්වා “සිලෝන් “ යන නාමයෙන් අපනයනය කිරිමේ ක්‍රියාවලියයි. එලෙස ම මහා පරිමාණ  ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද අණාවරණය කරන අතර එම නිසා කුඩා තේ වතු කර්මාන්තය තව දුරටත් කඩා වැටෙන බවද එම ජනතාව පවසති .එනම්  ඉවත ලන කසල තේ ප්‍රවාහනය කිරිම සදහා  අවසර පත්‍රයේ “B M FANIZ”නාමයෙන් සදහන් කර  ප්‍රවාහනය කිරිමෙන් පසු රසායනික ද්‍රව්‍ය  යොදමින් නව තේ නිෂ්පාදනය කෙරේ.අම්බලන්ගොඩ ,වෙලම්බොඩ ප්‍රදේශවල මෙම ව්‍යාපාරය බහුලව ක්‍රියාත්මක වන බවද  පවසයි .එහි අතුරුඵලයක් ලෙස කුඩා තේ නිෂ්පාදකයාට ගැටළුවක් වී ඇති බවද පවසති .

රජය වහා  මැදිහත් වීමෙන් මෙම ගැටළු නිරාකරණය කිරිමට පියවරක් නොගතහොත් කුඩා තේ වතුහිමියන් සිය වගාවන් අතහැර දැමීම නිසා තවත් වසර 10 ක පමණ කාලයක දී ශ්‍රි ලංකාවෙන් තේ වගාව තුරන් වන බවටද මෙම තේ ගොවිහූ වැඩිදුරටත්  පෙන්වා දෙති .

සටහන හා ඡායාරූප – ඉලංගන්තිලක

Scroll to Top