Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සතියකින් මහවැලි වතුර නොලැබුනොත් අටමස්ථානයටත් වතුර නෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින වියලි කාලගුණය හා සුළං හේතුවෙන් වැව් වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම නිසා තවත් සතියකින් පමණ පසු අනුරාධපුර තිසාවැව නුවරවැව හා තුරුවිල යන වැව් තුන සදහා මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට පමණ දිනක් හැර දිනක් පානීය ජලය සැපයීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උතුරුමැද) පද්මා ගුණවර්ධන පැවසුවාය.

මේ අනුව අනුරාධපුර පූජා නගරය හා නව නගරය, නාච්චාදූව මිහින්තලේ, තලාව, ශ්‍රාවස්තිපුර හා රඹෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල පාරිභෝගිකයන්ට දිනක් හැර දිනක් ජලය සැපයීමට සිදුවනු ඇතැයි ඇය පවසන්නීය.

 

anuradhapura

Scroll to Top