රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් දිම්‍රිති මෙඩ්වෙඩෙව් අනතුරු අගවන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම හරහා තවත් ලෝක යුද්ධයක් ආරම්භවන බවයි.
දිම්‍රිති මෙඩ්වෙඩෙව් පවසන්නේ නේටෝ සංවිධානයේ හෝ බටහිර යුද ආධාර හේතුවෙන් රුසියාවේ ජයග්‍රහණය කිසි ලෙසකින් අඩාළ කළ නොහැකි බවයි.ඔහු පෙන්වා දෙන්නේ කෙසේ වුවද ඔවුන්ගේ මැදිහත්වීම හරහා තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වාලිය නොහැකි බවයි.
දිම්‍රිති මෙඩ්වෙඩෙව් අනතුරු අඟවන්නේ එමෙන්ම න්‍යෂ්ටික යුද ගැටුමක් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවයි.ඔහු පෙන්වා දෙන්නේ විශේෂ යුද මෙහෙයුම් සිදු කිරීම හරහා යුක්‍රේනයට සාමය හා නිදහස ලබාදීම රුසියාවේ අරමුණ බවයි.
world-war