අඟහරු ග්‍රහයාගේ පිහිටි පාෂාණවලට සමරූපී පාෂාණ අම්බලන්තොට උස්සන්ගොඩ කන්දේත් පිහිටා ඇත්දැයි සොයා බැලීම සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ප්රමුඛ මෙරට පරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (05) පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
2018 වසරේදී සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල මත තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා මෙම පරීක්ෂණ කණ්ඩායම උස්සන්ගොඩ කන්ද ආශ්රිත පිහිටි භූ ගර්භය පරීක්ෂා කිරීමට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත මහතා කීය.
අඟහරු ග්‍රහයාගේ පිහිටීම සම්බන්ධව දුරස්ථව සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල මත සර්.පන්ඩින් පාෂාණ මෙරට ස්ථාන කිහිපයක පිහිටා ඇති බවට දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව අනාවරණය වී ඇති අතර, එය තවදුරටත් තහවුුරු කර ගැනීම සඳහා නාසා ආයතනය සමඟ මෙරට විශ්වවිද්‍යාල පර්යේෂක කණ්ඩායමක් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බව ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.