නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන වීදියේ (05) දින උදෑසන ස්ථාන කිහිපයක විශාල ගස් හා විදුලි රැහැන් කිහිපයක්ම කඩාවැටීමෙන් ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබුණු අතර, ධාවනය වෙමින් තිබු වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදු වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පැවසිය.
නුවරඑළිය පැරණි මහනුවර මාර්ගයේ එක් පසක තිබෙන රුස්ස ගස් කිහිපයක් අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට කඩාවැටීමෙන් විදුලි රැහැන් කීපයකටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
තවද නුවරඑළිය හාවාඑළිය ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් නුවරඑළිය මහ නගර සභාවේ වාහනයකට ඇතුළු පෞද්ගලික වාහන දෙකකට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.
මෙම තත්වය හේතුවෙන් පාසල් ළමුන්ට හා රාජකාරි කටයුතු සඳහා ගමන් කරන රජයේ හා පෞද්ගලික සේවකයන් දැඩි ලෙස අපහසුතාවයට පත් වී සිටිහ.
පැය තුනකට ආසන්න කාලයක් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වි තිබු අතර, නුවරඑළිය මහ නගර සභාව , ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු ගස් හා අතු ඉවත් කොට නැවත මාර්ගය විවෘත කිරීමට කටයුතු කර ඇත.
විදුල් රැහන් පද්ධති කඩා වැටිම නිසා නුවරඑලිය නගර සභා සිමාවේ ප්‍රදේශ රැසකටම විදුලි බලය ඇණ හිට ඇත.
අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් වලට (05) දින නිවාඩු ලබාදුන් බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා පැවසිය.
(04) දින මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පාසල් වලට ළමුන් සහ ගුරුවරුන් පැමිණිමේදි ගැටළු රැසක් මතු වු බවත්, ඒ අනුව විදුහල්පතිවරුන්ගේ ඉල්ලිමක් මත මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ අනුමැතියට යටත් (05) දින පමණක් පාසල් වලට නිවාඩු ලබාදුන් බවයි ශ්‍රිදරන් මහතා කියා සිටියේ.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාසල් 150 ක් පාලනය වන අතර, ඉන් සිංහල පාසල් 37 ක් සහ සෙසු පාසල් දමිල පාසල් වෙයි.
රංජි