Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මධ්‍යම කදුකරයට දැඩි සුලං සමග තවදුරටත් තද වැසි , කාසල්රි ජලාශයේ ජල ධාරිතාව ඉහලට , ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි පාරිභෝගිකයන් පැවසිය.

නොර්වුඩ් සහ බගවන්තලාව යන ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුලගක් හේතුවෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියක් කඩා වැටිම නිසා එම ප්‍රදේශවලට විදුලිය ඇණ හිට ඇති බවත්, කඩා වැටි ඇති විදුලි රැහන් පද්ධති අලුත් වැඩියා කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි මස්කෙලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා කියා සිටියේ.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව ඉහල යමින් පවතින බවත්, ඒ අනුව එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 33 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.

පවතින වර්ෂාවත් සමග දින තුනක් තිස්සේ විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින බවයි එම ජලාශය භාර ඉංජිනේරුවරයාද කියා සිටියේ.

රංජි

Scroll to Top