Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටවල් 50ක තානාධිපතිවරුන් වයිස්රොයි විශේෂ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටවල් 50ක තානාධිපතිවරුන් වයිස්රොයි විශේෂ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරයක, උඩරට දුම්රිය මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක්.

රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.

එම තානාධිපතිවරුන් රැගත් වයිස්රොයි විශේෂ දුම්රිය (01) නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර එම තනාධිපතිවරුන් (01) දින දින නුවරඑලියේ විවේකගෙන යලිත් (02) දින උදැසන නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරය ආරම්භ කර ඇත.
මෙම සංචාරයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද එක් වි සිටියි.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවරධනය කිරිම සදහා සංචාරක මණ්ඩලය දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇත.

එම විශේෂ දුම්රිය ධාවනය වු උඩරට දුම්රිය මාර්ගයේ සැම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි.

රංජි

Scroll to Top