Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබෙනවා. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අයි.සී.සී.ය විසින් ඊයේ (27දා) එළි දක්වනු ලැබීය.

මෙවර තරගාවලියේ තරග අහ්මදාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්මශාලා, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි හා පූනේ යන ක්‍රීඩාංගණ 10කදී පැවැත්වෙන අතර, සමස්ත ලීග් වටය තරග 45කින් සමන්විතය.

සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබමර් 15 වැනිදා ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අහ්මදාබාද් ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ඉන්දියා – පාකිස්තාන තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව නිවේදනය කර ඇත.

ලොව විශාලම ප්‍රේක්ෂක ධාරිතාව සහිත ක්‍රීඩාංගණය වන මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂයක් 130,000කට එකවර අසුන්ගත හැකිය.

අවසන් මහා තරගයද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මීට අමතරව අවසන් පූර්ව තරග නොවැම්බර් 15 හා 16 දෙදින මුම්බායි හා කොල්කටා හිදී පැවැත්වේ. කෙසේ වෙතත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් ඔවුන්ගේ ප්‍රතිවාදියා පාකිස්තානය නොවන්නේ නම් එම තරගය මුම්බායිහිදී පැවැත්වේ.

යම් හෙයකින් පාකිස්තානය වුවහොත් එය කොල්කටාහීදි පැවැත්වෙන බවත් අයි.සී.සී.ය නිවේදනය කර ඇත. මේ අතර තරගාවලියේ පුහුණු තරග ගුවහාටි, තිරුවානාපුරම් හා හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට සූදානම් කර ඇත. තරගාවලියට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යන කණ්ඩායම් 08 හා මේ වනවිට සිම්බාබ්වේ පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 02 ක්‍රීඩා කිරීමට නියමිතය.

අවසන් මහා තරගය සදහා ද අතිරේක දිනයක් ලෙස නොවැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.

එසේම ලෝක කුසලාන තරග කාලසටහන එලිදැක්වීමට සමගාමීව ලෝක කුසලානයේ ලොව වටා චාරිකාව ද අයි.සී.සී.ය මගින් ඊයේ නිල වශයෙන් ආරම්භ කර තිබිණි. ඒ අනුව පෘථිවියේ සිට අඩි 120,000ක් ඉහළ වායු ගෝලය දක්වා ලෝක කුසලානය බැලූනයක ආධාරයෙන් රැගෙන යමින් මෙම චාරිකාව නිල වශයෙන් ආරම්භ කළ බව අයි.සී.සී.ය නිවේදනය කිරීමද විශේෂත්වයකි. ඉන් අනතුරුව අදාළ බැලූනය ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය වෙත ගොඩ බැස්සවීමට සැළසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

මෙම චාරිකාවේදී එක්දින ලෝක කුසලානය රටවල් 18ක් තුළ සංචාරය කිරීමට නියමිතව තිබේ. එහිදී කුවේට් රාජ්‍යය, බහරේනය, මලයාසියාව, නයිජීරියාව, උගන්ඩාව, ප්‍රංශය, ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ද මෙම චාරිකාව සිදු කිරීමට නියමිතව තිබීමද කැපී පෙනෙන සිදුවීමකි. ඊයේ ඇරඹි මෙම චාරිකාව ජූලි මස 14 වැනිදා දක්වා ඉන්දියාව තුළ සංචාරය කරනු ඇති අතර, ඉන් අනතුරුව ලොව වටා චාරිකාව ආරම්භ කරන ලෝක කුසලානය නැවතත් සැප්තැම්බර් මස 4 වැනිදා ඉන්දියාව වෙත ලඟා වීමට සැළසුම් කර ඇති බවද සඳහන්ය.

එසේම මෙම චාරිකාව අතරතුරදී එළැඹෙන අගෝස්තු මස 5 සහ 6 යන දිනවලදී ලෝක කුසලාන සංචාරය ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැළසුම් කර තිබීමද විශේෂත්වයකි.

Scroll to Top