Air China ගුවන් සේවය චීනයේ සිට ශ්රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එළඹෙන ජුලි මස 03 වනදා සිට එම ගුවන් ගමන් ක්රියාත්මක වීමට නියමිත බව කටුනායක ගුවන්තොටුපොළ පවසයි.
චීනයේ සිචුආන් සිට ගමන් අරඹන Air China CA 425දරණ ගුවන් යානය සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිත වේ.
සතියේ සෑම දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්රී 10.15ට චීනයේ සිචුආන් වෙත Air China CA 426 දරණ ගුවන් යානය කටුනායක සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය.