අපි පුලුවන් තරම් අපිටම ගන්න පුලුවන් නම්, මැරෙනකල්ම ගන්න පුලුවන් නම් අපි කැමතියි නෑ- නෑ කිය කිය හරි ,පුලුවන් තරම් ගොඩ ගහගන්න.ඉතින් රටක් ගොඩ යයිද? නුසුදුසු අය සමෘද්ධි ගන්නවා නම් ගමේ දෙන්න ඕන එකාට සමෘද්ධිය නැත්නම් දේශපාලඥයෝද වැරදි කරලා තියෙන්නේ.දේශපාලඥයොත් වැරදි කරලා තියෙනවා.හැබැයි ඔබතුමන්ලාත් වැරදි කරලා තියෙනවා.2500-3000 ක් ගන්න යකෝ තාමත් ඉනන්වා නැති ලැයිස්තුවේ, දුප්පත් ලැයිස්තුවේ. තමන් සූදානම් නෑ මට තියනවා දැන් කියලා පිලිගන්න.අර සමෘද්ධි කාඩ් එක වෙනුවෙන්, රුපියල් 2500 වෙනුවෙන් අපි ගමෙත් හිඟන්නෙක් වගේ ඉන්නවා, මාස් පතා සල්ලි ටික ගන්න පෝලිමෙත් යනවා,බැණ බැණත් යනවා, හැබැයි ගෙදරත් ටයිල් කරලා සමහර වෙලාවට, කරන්න ඔ්න හැමදේමත් කර ගෙන හැබැයි කාඩ් එක නැති වෙයි කියලා හැබැයි මනසින් දුප්පත්.පෙනුමෙන් අපි පෝසත්, අතේ මිටේ සල්ලි තියෙනවා, හැබැයි මනසින්, අර 2500 වෙනුවෙන් අපි දුප්පත්ව ඉන්නවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝන්වැව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ කෝන්වැව ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 250 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,
මේ භාණ්ඩ ගන්න ඔබතුමන්ලාට මේක ආධාරයක්, රටට මේක ණයක්.ගොවි මහත්වරු 5000ක් වෙනුවෙන් රුපියල් 250 000ක් වටිනා සම්පූර්ණ මේ පැකේජ් එක දෙන කොට පාවිච්චි කරන්නේ පවුල් 5000 ක්, දොකෝටියක් මිනිස්සු මේ ණය ගෙවනවා.රෑට රූපවාහිනිය බලන කොට ඇහෙනවා නේද අපි රටම ණය වෙලා ඉන්නේ කියලා.ණය කරපු එවුන්ට, ණය වෙච්ච එවුන්ට බනිනවා, මෙවුන්ට හෙණ ඉල්ලනවා.ඒ හෙණෙන් කොටසක් ඔය ගොල්ලන්ටත් හම්බෙනවා.ණය ගත්ත ඔවුන්ට බැණ බැණ ටී.වී බල බල හිනා වුණා නම් ඒ හෙනයෙන් කොටසක් හම්බෙනවා.මේ ණයත් ඒ ගොඩේමයි තියෙන්නේ.ඒ හෙණය වද්ද ගන්නේ නැතිව ඉන්න නම් මේ ටික හරියට පාවිච්චි කරලා තමන්ගේ ආදායම වැඩි කර ගෙන රටේ ආර්ථිකයට දායක වුණොත් අන්න ඒ හෙනෙන් ගැලවෙන්න පුලුවන්.
වැටුණු රට නැගිට්ටවන එකත් ඔබතුමන්ලා අපි දැන් කරන්න ඔ්නකම තියෙනවා.අපි කොච්චර බැන්නත්, අරයා වැට්ටුවා මෙයා වැට්ටුවා කිව්වට, උස්සන්න එකෙක් ඉන්නවාද? වැරදි කරලා තියෙන්නේ ඔබතුමන්ලා අපියි, ආයේ හදන්න තියෙන්නෙත් ඔබතුමන්ලා අපිටයි.ආයේ වෙන කොහෙන්වත් මිනිස්සු ඇවිත් මේක හදන්නෙත් නෑ, හදන්නත් බෑ,සමහරු කිව්වට අපිට දීලා බලන්න අපී කරන්නම් කියලා, ඒ ගොල්ලත් එහෙම්මම තමයි.වැරදුන අපිම තමයි වැරදි හදාගන්න තියෙන්නේ.
මෙම වැඩසටහනේ දෙවැනි අදියර අපි මාස් කන්නයේ ආරම්භ කරනවා.අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මහින්ද අමරවීර ඇමතිතුමාට,ඉදිරි මාස් කන්නයේදී ලංකාව පුරා අක්කර 45 000 ක් බඩඉරඟු ගොවීන්ට ආධාර කරන්න නියමිතයි.ඉන් අක්කර 20 000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ගන්න අපිට පුලුවන් වුණා.එදා බර්ටි දිසානායක මැතිතුමා ගෙන ආව වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න එතුමාගේ පුතා හැටියට මට නායකත්වය ගන්න පුලුවන් වුණා.ඉදිරි මාස් කන්නයේදී ගොවීන් 10 000 කට මේ වගේම ආධාර දෙනවා.එහිදී ගොවීන් 10000 කට එක් ගොවියකු වෙනුවෙන් රුපියල් ලක්ෂයකට වැඩි ආධාර ලබා දීමට නියමිතයි.
රටේ ආර්ථිකය මෙච්චර වැටිලා තියෙන කොටත් ගොවියා වෙනුවෙන් තාමත් ආණ්ඩුව මහන්සි වෙනවා, දෙන්න පුලුවන් හැමදේම දෙනවා.සමහර වෙලාවට ඒක අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයම නොවෙන්න පුලුවන්, හැබැයි තියෙන ප්‍රශ්න මැද්දේ යම්තාක් දුරට හරි ගොවියා ගැන, ගොවිතැන ගැන, ගොවියා ශක්තිමත් කරන්න ගන්න උත්සහය පිළිබඳව අපි අවංකව ස්තූතිවන්ත වෙන්න ඔ්න, මොන පක්ෂයේ අය හිටියත්, කාට කතිරය ගැහුව අය හිටියත්, මේ වෙලාවේ වැටිච්ච අපිට මෙහෙම උදව්වක් හරි ලැබෙන එක ලොකු දෙයක්.
මේක අරගෙන යන ගමන් මටත් බැණ – බැණ තමයි යන්නේ, ඔ්කා එනවා කිව්වේ 12 ට ආවේ 1 .45 ට විතර කියලා ඔ්කත් කරේ තියාගෙනම බැණ බැණ යන්නේ.සමහර වෙලාවට මේක පිටේ එල්ලාගෙන උදුලු ගාද්දිත් වැඩේ හොඳයි, වැඩෙත් ලාභයි හැබැයි ඒත් බනිනවා.මේ වැඩේ අපි නතර කරන්න ඔ්න, ඉස්සරලාම අපි අපේ ඔලුව සුද්ධ කර ගන්න ඔ්න, අපි කොච්චර වගා කළත් අපි කවදාවත් කියනවාද අපිට හොඳ ආධායමක් ලැබුණා කියලා? අපි කියන්නේ නෑ නේද? ඒක කොහෙට හරි ගලපනවා පාඩු කෑල්ලකට.අපේ ඔලුවත් අපි සුද්ධ කර ගන්නේ නෑනේ.අපේ ඔලුවත් පාඩුයි කියලමයි පටන් ගන්නේ.අල්ලපු එකාට කියන්නෙත් පාඩුයි.මම සමහර අයට කියනවා පාඩු නම් නවත්වන්න ගොවිතැන කියලා.අපරාදේනේ පාඩු කර ගන්නේ.පාඩු වෙවී වගා කරන්න ඔ්න නෑනේ.අපි එදා ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ නෑ කියන දේම කියන්නනේ.නෑ කියන එකයි බෑ කියන එකයි අපේ ඔලුවේම තියෙන්නේ.
දැන් බලන්න ගම්වල සමෘද්ධි තියෙන අය ඉන්නවානේ.සමෘද්ධිය අපි පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් 2023 අවුරුද්ද, ඒ කියන්නේ අවුරුදු 29 ක් සමෘද්ධිය දෙනවා.දැන් මේ රට දියුණු වෙලා තියෙන්න එපැයි, දුප්පත් මිනිස්සු නැති වෙන්න එපැයි.අවූරුදු 29 ක් සමෘද්ධිය දීලා, සමෘද්ධි කාඩ් එකත් දීලා, බැංකු ඉතුරුම් කරලා, සමෘද්ධී ව්‍යාපාරය හරහා ආධාරත් දීලා දුප්පත්කම නැති වෙන්න එපැයි.ඔබතුමන්ලාගේ ගම්වල, ඔබතුමන්ලා දන්න අය ඇති සමෘද්ධියෙන් හැදිලා තියෙනවා, ත්‍රීවිල් එකකුත් ගත්තා, ත්‍රීවිල් එක තමන්ගේ නමට ලියාපදිංචි කරන්නේ නෑ, සමෘද්ධි කාඩ් එක නැති වෙයි කියලා.2500-3000 ක් ගන්න යකෝ තාමත් ඉනන්වා නැති ලැයිස්තුවේ, දුප්පත් ලැයිස්තුවේ. තමන් සූදානම් නෑ මට තියනවා දැන් කියලා පිලිගන්න.අර සමෘද්ධි කාඩ් එක වෙනුවෙන්, රුපියල් 2500 වෙනුවෙන් අපි ගමෙත් හිඟන්නෙක් වගේ ඉන්නවා, මාස් පතා සල්ලි ටික ගන්න පෝලිමෙත් යනවා,බැණ බැණත් යනවා, හැබැයි ගෙදරත් ටයිල් කරලා සමහර වෙලාවට, කරන්න ඔ්න හැමදේමත් කර ගෙන හැබැයි කාඩ් එක නැති වෙයි කියලා හැබැයි මනසින් දුප්පත්.
පෙනුමෙන් අපි පෝසත්, අතේ මිටේ සල්ලි තියෙනවා, හැබැයි මනසින්, අර 2500 වෙනුවෙන් අපි දුප්පත්ව ඉන්නවා.ඇයි අපිට බැරි අපි යමක්, කමක් තියෙන තත්වයකට ආවම, ඒ කාඩ් එක අරන් ගිහින් ප්‍රාදේශීය ලේකම්ට දීලා, මහත්තයෝ මේක තවත් දුප්පත් මිනිහෙකුට දෙන්න මම සමෘද්ධි ව්‍යාපාරය හරහා දියුණු වුණා, මට දැන් ත්‍රීවිල් එකක් තියෙනවා, මම කඩයක් දාගෙන ඉන්නවා,මං බයිසිකලයක්- ට්‍රැක්ටරයක් ගත්තා, මං වගේ තවත් මිනිහෙක් හදන්න කියන්න අපේ හිත සූදානම් නෑ නේද? අපි පුලුවන් තරම් අපිටම ගන්න පුලුවන් නම්, මැරෙනකල්ම ගන්න පුලුවන් නම් අපි කැමතියි නෑ- නෑ කිය කිය හරි පුලුවන් තරම් ගොඩ ගහගන්න ඉතින් රටක් ගොඩ යයිද? නුසුදුසු අය සමෘද්ධි ගන්නවා නම් ගමේ දෙන්න ඔ්න එකාට සමෘද්ධිය නැත්නම් දේශපාලඥයෝද වැරදි කරලා තියෙන්නේ.දේශපාලඥයොත් වැරදි කරලා තියෙනවා.හැබැයි ඔබතුමන්ලාත් වැරදි කරලා තියෙනවා.
අරගලයේදී සිස්ටම් චේන්ජ් එකක් ඔ්න කියලා කිව්වා.අර ගෝඨාභය මහත්තයා එළවන්න ඔ්න කාළේ කුඹුරු වලත් බෝඩ් අල්ලන් හිටියා නේද? ගෝඨා ගෝ කිය කිය.කුඹුරු වල, බස් නැවතුම්පළවල් වල, හංදි වල, ගෙවල් වල දකින දකින එකා කියනවානේ, දැන් එළවන්න හැදුවේ ගෝඨාව, ඊළඟට එකේ තිබුණ අරමුණ අපිට සිස්ටම් එකක් ගේන්න කියලා.දැන් මේ ව්‍යාපෘතිය ගත්තම.මේ ව්‍යාපෘතිය පිළිබඳව 2015 දී මම කෘෂිකර්ම ඇමතිකාලේ සාකච්ඡා කරන්නේ.2017 දී වෙන ඇමති කෙනෙක් එයත් සාකච්ඡා කරනවා.2019 පටන් ගන්නවා ව්‍යාපෘතිය, 2023 දී බඩු බෙදනවා.2019 ඉඳන් ගත්තත් අවුරුදු 04 ක්, බීජ ටිකයි, බිම් සකස් කරන මුදල් ටිකයි, තෙල් ඉසින යන්ත්රයයි, මේ බහු කාර්ය යන්ත්රයයි, සේරම ටික එකට දුන්නා නම් ඒ කන්නයේ ඉඳන්ම ආධායම ගන්නවානේ, මේක දිග ඇදලා දෙන්න ඔ්නද? එහෙනම් මේකෙත් වරද කාගේද? මේ රාජ්‍යය පරිපාලනයේ වරදක් තියෙනවා.ව්‍යාපෘතියක් ආවම ඒ ව්‍යාපෘතිය හරි වෙලාවට දුන්නම තමයි ප්‍රයෝජන ගන්න පුලුවන්කම තියෙන්නේ.පොහොර ටික නිකං දුන්නට වැඩක් නෑනේ වෙලාවට දෙන්නේ නැතිව.කන්නයේ ගහන්න ඔ්න වෙලාවට පොහොර නොදී, පහු වෙලා පොහොර දීලා, පොහොර දුන්නා කියලා අත පිහිදා ගන්න බෑනේ.මෙන්න මේ වෙනස ගැන නේද අපි කථා කලේ.මේවා වෙනස් වෙන්න ඔ්න.හැබැයි සමහරු හිතුවා පාර්ලිමේන්තුවේ 225 අයින් කරලා, අලුත් 225 ක් වාඩි වෙන එක තමයි අරගලය කියලා.හැබැයි හැබෑ අරගලයේ කිව්ේව අපේ වැරදි තැන් සේරම නිවැරදි කරන්න ඔ්න කියලා.
අපේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියනවා.අපේ අධ්‍යාපනය නිදහස්ද? ටියුෂන් යවන්නේ නැතිව ළමයෙක් විභාගයක් පාස් කරගන්න පුලුවන්ද? 5 ශිෂ්‍යත්වයට පන්ති භාර ගුරුවරයාගේ අමතර පන්තියට දරුවා යවන්නේ නැත්නම් දරුවා පාසල් යවන්න පුලුවන්ද? මං මේ කියන්නේ හැමෝම නෙමෙයි, අති බහුතරයක් ගත්තම එහෙමයි.හැබැයි අපි මහා උජාරුවෙන් කථා කරනවා නිදහස් අධ්‍යාපනය ගැන.ඔබතුමන්ලාට ඒක නිදහස් වෙලා තියෙනවා? දරුවෙක් පන්ති කීයකට යවන්න වෙලා තියෙනවාද? නිදහස් අධ්‍යාපනය නම්, ආණ්ඩුවෙන් ගුරුවරුන්ට පඩි ගෙවනවා නම්, ආණ්ඩුවෙන් විදුහල්පතිවරුන්ට පඩි ගෙවනවා නම්, විෂය අධ්‍යක්ෂකට පඩි ගෙවනා නම්, මේක බලන්න මිනිස්සු ඉන්නවා නම් ළමයා ඉස්කෝලේ ගියහම හොඳට ඉගෙන ගන්න එපැයි.ඇයි ඒක නැති වෙලා තියෙන්නේ.ඉතින් මේවා නේද අපි වෙනස් කරන්න ඔ්නකම තියෙන්නේ.අපි මේ අරයට, මෙයාට, බැන-බැන කෑ ගහගහා ඉන්න එක නෙමෙයි.වැරැද්ද තියෙන තැන, ප්‍රශ්න තියෙන තැන තමයි අපි උත්තර හොයන්න ඔ්නකම තියෙන්නේ.
අපේ රටේ අධ්‍යාපන ක්රමයේ වරදක් තියෙනවා.සාමාන්‍ය පෙළත් සමත්, උසස් පෙළත් සමත් ඒ වුණාට රැකියාවක් නෑ කියනවානේ.දැන් මෙතන ඉන්නේ මොකක් හරි පක්ෂයකට සම්බන්ධ කට්ටියනේ.ඔබතුමන්ලාගේ ලොකු ළමයි ඉන්නවා නේ ඒ අය බනින්නේ, තාත්තේ ඔයා අච්චර වැඩ කරා අහවලාට, හැබැයි තාමත් අපිට රස්සාවක් නෑ කියලා.අනේ ඉතින් අර අම්මා-තාත්තා ඇප්ලිකේෂන් එක අරන් අපි ගාවට එනවා. සර් අපි ඔයාට රැස්වීම් තිබ්බා, මට කියනවා මහ ඇමතිතුමාගේ කාලේ ඉඳන් අපි සර්ගේ කියනවා.අපේ දුවට-පුතාට තාම රස්සාවක් නෑ කියනවා.ඇප්ලිකේෂන් බැලුවම සුදුසුකම් තියෙනවාද? විභාග පාස් වෙලා තියෙනවා, සමහර වෙලාවට ඔ්න විෂයන් නෑ, ඒ වගේම අපේ අධ්‍යාපන ක්රමයේ අපිට කොහොද කියලා තියෙන්නේ රැකියාවකට සුදුස්සෙක් වෙන්න කියලා.
අපි කකුල් දෙක වතුරේ දාගෙන, රෑ නිදි මරාගෙන පසුගිය ප්‍රශ්න පත්‍ර වලට උත්තර හෙව්වා මිසක් අපි කවුරුත් රැකියාවකට සුදුස්සෙක් වෙලා තියෙනවාද? අපේ මේසන් බාසුන්නැහැ කෙනෙක් ඉන්නවා කියලා හිතන්න.උපාධිධාරියෙක් මේසන් බාස් ගාව වැඩට ගියාට, උපාධිය පයිසකට ගනන් ගන්නවාද? මේසන් බාස් කියන්නේ කොල්ලෝ වැලි ටික ගෙනෙන්, සිමෙන්ති එක ගෙනෙන්, සිමෙන්ති අනපන් කියලා කියන්නේ.ඊට පස්සේ මේසන් හැන්දයි, මට්ටන් ලෑල්ලයි අතට හුරු වුණාම කියයි මං තේ එක බොනකල් උඹ ගලක් බැඳපන් කියයි.ඒක හරියට බැන්දොත් තමයි තව ටික කාළයකින් බාස් වෙන්න පුලුවන්.දැන් අපි මොකක්ද කරන්නේ, අපි ළමයව ඉස්කෝලේ යවලා ඉවර වෙලා, අපි කියනවා ඔලෙවල් වලට රස්සාවක් දියන්, ඒලෙවල් වලට රස්සාවක් දියන් කියලා.මොනවද එයා කරන්නේ.අර කියන අධ්‍යාපනය විතරයි දන්නේ.හැබැයි අපේ ගෙදරින් අම්මා තාත්තා කිව්වද පුතේ උඹ ඉගෙන ගන්න ගමන් මොකක් හරි රස්සාවකට සුදුසුකමක් හදා ගනින් කියලා කිව්වාද? අම්මා තාත්තා කිව්වෙත් නෑ, ඉස්කෝලෙන් කිව්වෙත් නෑ, සමාජයෙන් කිව්වෙත් නෑ අපි කලේ විභාග පස්සෙන් යන එකම විතරයි.ඒක නේද අපිට අද වෙලා තියෙන්නේ.
විභාග පස්සේ ගියත් ඔ්න විෂයන් ටික අපි පාස් වෙලත් නෑ, මේවා තමයි අපි සිස්ටම් චේන්ජ් කියලා කිව්වේ.අපි අරගලයේ කථා කලේ මෙන්න මේ වෙනස මේ රටේ ඇතිවෙන්න ඔ්න කියලා.ඒ වෙනස ඇති වුණොත් තමයි අපිට දියුණු වෙන්න පුලුවන්කම තියෙන්නේ.
ඔබතුමන්ලා අපි හැමෝම අරගලය ගැන කථා කලා, සතුටු වුණා.මේ හැමදේම අපි කළා, හැබැයි දැන් අපිට ඒ හැමදේම අමතක වෙලා තියෙනවා නේද? ආයේ අපි පරණ තැනටම වැටිලා තියෙනවා.ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ වෙනසේ කොටස්කාරයෙක් වෙන්න ඔබතුමන්ලා.අපි ඉස්සර රැස්වීමකට ගියහම තව දේශපාලඥයෙකුට බනියි, අරූට වඩා මම හොඳයි කියයි, අපි මෙච්චර කාළයක් කල්ලි හැදුව එක නේ කලේ, මම ශ්‍රී ලංකා නිසා මම බඩු බෙදන්නෙත් ශ්‍රී ලංකාකාරයොන්ට, මම කථා කරන්නෙත් ශ්‍රී ලංකාකාරයොන්ට, අපි කණ්ඩායම් හැදුවා මිසක් අපි මිනිස්සුන්ගේ ඔලු වලට කථා කරලා තියෙනවාද? අපි අපේ වරුණාව කියා ගන්නවා.ඇයි අපිත් එක්ක ඉන්න ඔ්න කියලා කියනවා.හැබැයි මිනිස්සුන්ගේ ඔලු වලට දීලා නෑ, රටක් හදන්න නම් අපි වෙනස් වෙලා, වෙනස්ව හිතලා අලුත් ගමනක් යන්න ඔ්න කියලා අපි කියලා නෑ, කිසිම දේශපාලන පක්ෂයක් කියලා නෑ, ඒ ගොල්ල හැමෝම කලේ අරයාට වඩා අපි හොඳයි කියලා කල්ලියක් හදා ගත්තා,කණ්ඩායමක් හදා ගත්තා.ඒ ඇරෙන්න විවෘතව මිනිස්සුන්ගේ ඔලු වලට කිව්වා නම් ඔහොම නෙමෙයි හිතන්න ඔ්න මෙහෙමයි.
මෙහෙම තමයි රට හදන්න ඔ්න ක්‍රමය, අපේ වැරැද්දත් අපි හදාගන්නවා කියන පණිවිඩිය කිව්වා නම්, අපි සමහර විට මීට වඩා වෙනස් විදිහකට ඉන්න පුලුවන්.හැබැයි තාමත් අපි කරන්නේ නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑගානක් රට කෑවා කියලා තාමත් එක එකාට බනිනවා ඇරෙන්න වෙන මොනවා හරි අපි කරනවාද? අපි දැන් බැන්නොත් මේක හරියනවා නම් අපි සතියක් වාඩි වෙලා බනිමු.නොකා නොබී බනිමු.වැඩේ හරියයිද? සතියෙන් පස්සේ ආයේ පාරක් අපි හිටිය තැනමයි.අපි වෙනස් වුණොත් තමයි රට වෙනස් වෙන්නේ.එහෙම නැතිව රෑට ටීවී එක බලලා බනිනවා.උදේට පත්තරේ බලලා බනිනවා.නිකං හිතන්න අපි නින්දට යන්නේ සංතෝෂයෙන්ද? රෑ නිවුස් බැලුවොත් තියෙන්නේ අරෙහේ මරලා, අරෙහේ කොටලා, අරෙහෙන් අයිස් හම්බෙලා, අරෙහේ කුඩු හම්බෙලා, අරෙහේ දුවව දූෂණය කරලා. උදේ නැගිටලා ආයේ ඒ ටිකම අහනවා.ඉතින් අපි ඔලුව හොඳින්ද නැගිටින්නේ.අපි නැගිටින්නේ වියරුවෙන් වගේ, අපේ ඔලුවේ නිදියගද්දී තියෙන්නෙත් නරක දේවල්, පටන් ගද්දීත් තියෙන්නේ නරක දේවල්, මාධ්‍ය වෙනස් වෙන්න ඔ්න කියන්නේ අපි ඒකයි, මාධ්‍යයේ පාලනයක් තියෙන්න ඔ්න කියන්නේ අපි ඒකයි, පෙන්වන්න ඔ්න එක මොකක්ද? නොපෙන්වන්න ඔ්න එක මොකක්ද කියන එක තියෙන්න ඔ්න.
දරුවෝ ඉන්න දෙමාපියෝ හරි ලේසියට, ළමයින්ට කවන්නේ ටී.වී එක ඉස්සරහා තියාගෙනනේ, මටත් ඉන්නවා අවුරුදු 13 ක දුවක්, මම දුවට ටී.වී එකේ නාට්‍ය බලන්න දෙන්නේ නෑ,දැන් ටී.වී එකේ පෙන්වන නාට්‍ය වල මොනවද තියෙන්නේ.අම්මාගේ හොර මිනිහෙක් ඉන්නවා, තාත්තාට හොර ගෑණියෙක් ඉන්නවා.නැන්දම්මා ලේලී ගහගන්නවා.ඉන්දියාවේ තියෙන දහජරාව ටික සේරම මේකේ බොහෝම ලස්සනට පෙන්වනවා.දැන් අපේ ළමයකුට මේවා බලලා ඊළඟට කසාද බැන්දුවම මිනිහෙක්ව ඒ නැන්දම්මත් එක්ක හොඳට ඉඳියිද? අර කෙල්ල පොඩි කාලේ ඉඳන් බත් කවනකල් දැකලා තියෙන්නේ නැන්දම්මයි ලේලියි කෙල ගන්නවා.පුංචි කාලේ ඉඳන්ම මේවා ඔලුවට දාලා අපි හැදියන් කිව්වට හරියනවාද? අපි මේවා බොහෝම ආසාවෙන් බලනවා.අර නම් කියනවා, මේ නම් කියනවා.බොහෝම උජාරුවෙන් බලලා.ගෑණු ටික විතරක් නෙමෙයි ළමයි ටිකත් ඉස්කෝලේ ගිහින් කථා කරන්නේ නාට්‍යයේ ඊළඟට වෙනදේවල් ටික .මේ දේවල් වෙනස් කරන්න ඔ්න යැයි පැවසීය.
තිසර සමල්- අනුරාධපුර