Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වියානා නුවර ලොව ජීවත්වීමට සුදුසුම නගරය බවට පත්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නුවර නම් කර තිබේ.

ඒ, ලොව නගර 173ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉකොනෙමිස්ට් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවට අනුවයි.

සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු මෙම වාර්තාව සකස් කිරීමට පදනම් කරගෙන ඇති බව සඳහන්.

වසර පහක් තුළ වියානා නුවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වූ තුන්වන අවස්ථාව මෙයයි.

දෙවන ස්ථානයට ඩෙන්මාර්කයේ කොපන්හේන් නගරය, තුන්වන ස්ථානයට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයත් නම් කර තිබේ.

Scroll to Top