සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ අතුරුදහන් වූ Titan සබ්මැරීනයේ පිපිරීමක් සිදුවී ඇති බවත්, සබ්මැරීනයේ සිටි පුද්ගලයින් පස් දෙනාම මිය ගිය බවත්ය. පිපිරීමෙන් පසු, සබ්මැරීනයේ සුන්බුන් අත්ලාන්තික් සාගරයේ මතුපිට සිට සැතපුම් දෙකක් පහළින් ටයිටැනික් අසල වැටී ඇති බවත් පවසා ඇත.
ටයිටැනික් නෞකාව ආසන්නයේ සුන්බුන් දැක ඇති බව ඊයේ පස්වරුවේ නිලධාරීන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එය අතුරුදන් වූ Titan සබ්මැරීනය විය හැකි යයි අනුමාන කරන අතර එය තවමත් විමර්ශනය වෙමින් පවතින බව දන්වා ඇත. විධිමත් තහවුරු කිරීමක් තවමත් සිදු කර නොමැත. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ දුරස්ථව ක්‍රියාත්මක වන යානයකින් සුන්බුන් සොයා ගත් බවයි.
‘Victor 6000’ නමැති මෙම අධි තාක්ෂණික යන්ත්‍රය මෙහෙයුමට ලබා දුන්නේ ප්‍රංශය විසිනුයි.
කෙසේ වෙතත්, ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ සිට යැවුනු තාක්ෂණික උපකරණ මෙහෙයුම් භූමියට ලැබෙන විට බොහෝ ප්‍රමාදව තිබුණු බව හෙළි වී තිබෙනවා.
මෙම යන්ත්‍රය මගින් මුහුදු පතුලේ සිට සම්ප්‍රේෂණය කරන ලද ඡායාරූපවල සුන්බුන් කොටස් බවට හඳුනාගත හැකි කොටස් තිබුණු බව වාර්තා වී තිබෙනවා. ‘Victor 6000 ROV’ යන්ත්‍රයට මුහුදු පතුලේ සිටම සුන්බුන් ඉවත් කිරීම, සුන්බුන් කැපීම වැනි දේ කිරීමට හැකියාව පවතින නිසා මෙම හඳුනාගත් කොටස් තහවුරු කිරීමේදී වැඩි සහායක් ලබා ගතහැකි බව පැවසෙනවා.
සිය මෙහෙයුමේ සොයාගත් කරුණු ගැන එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර එහිදී නිලධාරීන් පවසා ඇත්තේ සුන්බුන් සොයාගැනීම් “කාර්මික දෝෂයට අනුව පිපිරීමක ප්‍රතිඵලයක් බවයි ” මගීන් පස් දෙනා රැගත් යාත්‍රාව මාරක අනතුර සිදුවූ ස්ථානය ටයිටැනික් නෞකාවේ නැවේ සිට අඩි 1,600 (මීටර් 487) ඔබ්බෙන් යැයි විශ්වාස කෙරේ.
ටයිටැනික් නෞකාව අවට සුන්බුන් අතර ප්‍රධාන කොටස් පහක් සොයා ගන්නා ලදී. ඒවා අතර, යානයේ නාස කේතුවක්, පීඩන කඳෙන් පිටත සහ විශාල සුන්බුන් ක්ෂේත්රයක් විය.
රියර් ඇඩ්ම් මෝගර් පැවසුවේ මියගිය අයගේ සිරුරු සොයා ගැනීමට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට හැකි වේද නැද්ද යන්න තහවුරු කළ නොහැකි බවයි. “මෙය ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාර්යයකි” ඔහු පැවසීය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පැවසුවේ, සුන්බුන් ක්ෂේත්රයේ ස්ථානය පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කරන බවයි. රියර් ඇඩ්ම් මෝගර් පැවසුවේ මේ වන විට එම ස්ථානයේ යාත්‍රා නවයක්, වෛද්‍ය නිලධාරීන් සහ කාර්මික ශිල්පීන් සිටින බවයි.
58 හැවිරිදි හමිෂ් හාර්ඩින්, මීට පෙර අභ්‍යවකාශයට ගොස් දක්ෂිණ ධ්‍රැවයේ සංචාරයන් කිහිපයක් සිදු කර ඇති බ්‍රිතාන්‍ය වික්රමාන්විතයෙකි.
බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, 48, පාකිස්තානයේ ධනවත්ම පවුලක සාමාජිකයෙක් සහ චාල්ස් රජු විසින් ආරම්භ කරන ලද පුණ්‍යායතන දෙකක ආධාරකරුවෙකි.ඔහුගේ පුත් සුලේමාන් ඩාවුඩ්, 19 හැවිරිදි ශිෂ්‍යයෙකි
77 හැවිරිදි Paul-Henry Nargeolet, හිටපු ප්‍රංශ නාවික කිමිදුම්කරුවෙකු වන අතර ඔහු ටයිටැනික් නෞකාවේ වෙනත් ගවේෂකයෙකුට වඩා වැඩි කාලයක් ගත කර ඇති අතර 1987 දී එය නැරඹීමට ගිය පළමු ගවේෂණයේ කොටසක් විය.
61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, නැතිවූ ගිල්විය හැකි ටයිටැනික් යාත්‍රා මෙහෙයවන OceanGate හි ප්‍රධාන විධායක නිලධාරී විය.
අනතුර සම්බන්ධයෙන් සබ්මැරීනය දියත් කළ OceanGate සමාගමෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
“අපගේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමන් ඩාවුඩ්, හමිෂ් හාඩින් සහ පෝල්-හෙන්රි නර්ජොලට් කනගාටුදායක ලෙස අහිමි වී ඇති බව අපි දැන් විශ්වාස කරමු.
මෙම මිනිසුන් සැබෑ ගවේෂකයන් වූ අතර ඔවුන් ත්‍රාසජනක ස්වභාවයක් බෙදා ගත් , ලෝකයේ සාගර ගවේෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට ගැඹුරු ආශාවක් ඇති අය විය. මෙම ඛේදජනක කාලය තුළ අපගේ හදවත් මෙම ආත්ම පහ සමඟ සහ ඔවුන්ගේ පවුල්වල සෑම සාමාජිකයෙකු සමඟම ඇත.
මෙම පාඩුව නිසා වෙහෙසට පත්ව දැඩි ශෝකයෙන් සිටින අපගේ කැපවූ සේවකයින්ට මෙය අතිශය කණගාටුදායක කාලයකි. පුළුල් පරාසයකින් මෙම මෙහෙයුම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ ජාත්‍යන්තර ප්‍රජාවේ බහුවිධ සංවිධානවල අසංඛ්‍යාත පිරිමින් සහ කාන්තාවන් සඳහා සමස්ත OceanGate පවුලම ගැඹුරින් කෘතඥ වෙයි.
මෙම වේදනාකාරීම අවස්ථාවේදී මෙම පවුල්වල පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.”