Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්වීන්ස් පිටියේ වනිඳු රජ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලකුණු 24 කට කඩුලු‍ 6 ක් දවා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිදු හසරංග ගේ දක්ෂතා සහ නොම්බර 1 සිට නොම්බර 4 දක්වා පිතිකරුවන් අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කිරීම මත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරඟයේදි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (19 ) සමත් විය.

ඊයේ වාර්තා කරන ලද කඩුලු‍ 6 ත් සමඟ එක්දින කඩුලු‍ 50 සීමාව ඉක්මවා ගිය වනිදු හසරංග කඩුලු‍ 50 සීමාව ඉක්මවා ගිය වේගවත්ම ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ වාර්තාවේ සම අයිතියද උපුල් චන්දන සමග එක් ව බෙදා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් රැස් කළේ ය.එක්සත් අරාබි එමිර් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණි.

ඒ අනුව තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන සිකුරාදා ඕමානය සමග පැවැත්වීමට නියමිතයි.

A සහ B ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගී වේ.

A කාණ්ඩය යටතේ නේපාලය, නෙදර්ලන්තය, ඇමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් තරග කරයි.

ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබී එමීර් කණ්ඩායම් තරග බිමට පිවිසෙන්නේ, B කාණ්ඩය යටතේ යි.

මෙම තරග  මෙරට වෙලාවෙන්  දහවල් 12.30ට ආරම්භ කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය  (19) එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවැත්වීය.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර තරගය ලබන 23 වැනිදාත්, අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙන්නේ ජූනි 25 වැනිදායි.

B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ජූනි 27 වැනිදා , ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ.

තරගාවලියේ සියලු තරගTV1 නාලිකාවෙත් ශ්‍රී ලංකාව සහභාගී වන තරග සිරස TV ඔස්සේත් විකාශය කරයි.

 

Scroll to Top