ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියට පසු ලොව මෙතෙක් පැවති ෆ්රැන්චයිස් හෙවත් ක්රීඩක වෙන්දේසි සිදුකළ ක්රිකට් තරගාවලි අතරට එක්වූ ලංකා ප්රීමියර් ලීග් හෙවත් LPL ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය ඊයේ රාත්රියේ අවසන් විය.
ඒ, මෙරට ක්රීඩකයින් සඳහා ඉහළම මිලක් හිමිකර දෙමින්.එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්රීඩකයා බවට පත්වූයේ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකයි.
අමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔහු මිලදීගත් අතර එය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්නයි.මීට අමතරව දෙවැනියට වැඩිම මිලකට අලෙවි වූ ක්රීඩකයා බවට පත්වූ චරිත් අසලංක අමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
ධනංජය ද සිල්වාව දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 76,000 ක මුදලකටත්, ඩොලර් 72,000 ක මුදලකට දිනේෂ් චන්දිමාල් සහ ඩොලර් 70,000 ක මුදලකට දුෂ්මන්ත චමීර නුවර කණ්ඩායම මිලදී ගත්තා.
බිනුර ප්රනාන්දුට ඩොලර් 76,000 ක්ද, සදීර සමරවික්රමට ඩොලර් 68,000 ක්ද, කමිඳු මෙන්ඩිස්ට ඩොලර් 60,000 ක මිලක්ද හිමිවුණා.විදෙස් ක්රීඩකයින් අතරින් වැඩිම මිලකට අලෙවි වූයේ නවසීලන්තයේ චැඩ් බෝව්ස්. අමෙරිකානු ඩොලර් 58,000 ක මුදලකට ඔහු මිලදී ගත්තේ ගාල්ල කණ්ඩායමයි.
ලංකා ප්රිමියර් ලීග් සිව්වැනි තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.