Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(14)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සිව්වැනි වරටත් පැවැත්වීමට නියමිත අතර එය ලබන මස ආරම්භ කිරීමට නියමිතයි.

එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (14) කොළඹදී පැවැත්වීමට කටයුතු සිදු කරයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයින් 200ක් සහ විදේශ ක්‍රීඩකයින් 160ක් සහභාගී වන බව වාර්තා වේ.

ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාගන්නා තෙවැනි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය LPL වන බව සඳහන් වේ.

මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීම සඳහා ප්‍රකට ඉන්දීය නිවේදකයෙක් වන චාරු ශර්මා විසින් සිදුකරන බව ලංකා ප්‍රිමියර් ලීග්, තරගාවලි අධ්‍යක්ෂ, සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේය.

ඔහු පැවසුවේ විදෙස් ක්‍රීඩකයින් 500ක් පමණ වෙන්දේසිය සඳහා ඉල්ලුම්කළ බවත් ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ ද මැදිහත්වීම මත එම ක්‍රීඩකයින් ගණන 160දක්වා අඩුකළ බවයි.

ඔහු වැඩිදුරටත් පවසුවේ දේශීය ක්‍රීඩකයින් ව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා සමාජවලින් ඒවා තිබූ නම්වලින් (04ක්) තෝරාගත් බවයි.

අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක කණ්ඩායමක් සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 500,000ක් බව සඳහන් වේ.

අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 16ත් 20ත් අතර ගණනක් මිලදීගත හැකි අතර මේ වනවිට සෑම කණ්ඩායමක් ම ක්‍රීඩකයින් සිව් දෙනෙක් (විදෙස් ක්‍රීඩකයින් 2යි, දේශීය ක්‍රීඩකයින් 2යි) සමඟ කොන්ත්‍රාත් ගතව ඇත.

පූර්වව මිලදීගත් ක්‍රීඩකයින් සිව් දෙනාද සමගින් කණ්ඩායමක උපරිම ක්‍රීඩකයින් ගණන 24කි.

ලොව සුපිරි ක්‍රීඩකයින් වන බාබර් අසාම්, ඩේවිඩ් මිලර් ෂකීබ් අල් හසන් මෙවර LPL තරගාවලිය සඳහා එක්වෙයි.

Scroll to Top