මහනුවර ,කුරුණෑගල ,පුත්තලම ,මඩකලපුව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල යළි ඩෙංගු රෝගය උත්සන්න වන තත්ත්වයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සදහන් කළේ ඉදිරියේදී වර්ෂාපතනය ලැබීමත් සමග මෙම තත්ත්වය වැඩි විය හැකි බවයි.
දිවයින පුරා මේ වන විට ඩෙංගු රෝගීන් 43,346 දෙනෙකු වන අතර ඉන් 21,654 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සදහන්.