Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු තරග තහනම් විමට මුලික හේතුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හරිහැටි ව්‍යවස්ථාවක් හදාගන්න යද්දි පාපන්දු සම්මේලනය හා අමාත්‍යාංශය අතර ඇතිවන කබ ඇදීම තමයි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට මූලික හේතුව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් හුසේන් නුවරඑළියේදී කියයි.

ඒ මහතා ඒ බව කියා සිටියේ (10) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති  නුවරඑළිය දිස්ත්‍රික් පාපන්දු ලීගය මගින් සංවිධානය කළ රන් කුසලාන අභියෝග ශූරතා පාපන්දු තරගාවලිය හා 2022 වර්ෂය සදහා නුවරඑළිය පාපන්දු ලීගය මගින් පැවැත්වූ සියලුම තරග ඉසව් සදහා ජය සංකේත ප්‍රදානෝත්සවය සදහා සහභාගි වූ අවස්ථාවේදීය.

වැඩිදුර අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් හුසේන් මහතා මෙසේද කීය.

වර්තමානයේ දී පැනවී ඇති ජාත්‍යන්තර පාපන්දු තහනම පැන වීමට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පූර්ව අනතුරු හඟවමින් වසර කිහිපයක් පුරා අපෙන් ඉල්ලා සිටියේ ප්‍රාථමික මට්ටමේ අපගේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි ප්‍රමිතියෙන් යුතු ව්‍යවස්ථාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස  අවස්ථාවන් කීපයක දී පාපන්දු සම්මේලනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ දැරුවත් ක්‍රීඩා අමාත්‍යාංශය සහ අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් නොයෙකුත් මත ගැටුම් හා කබ ඇදීම වලට අපට මුහුණ දෙන්න සිදු වුණා.

කෙසේවෙතත් 2022 වර්ෂයේ දී තුනෙන් දෙකක වැඩි ප්‍රතිශතයකින් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකි වූ නමුත් එම ව්‍යවස්ථාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ඉදිරිපත් කිරීමේදී අමාත්‍යංශයෙන් දැඩි ලෙස ඔබ ඇදීමක් සිදු වුණා මෙය තමයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය මගින් කාපන් තහනමක් පැනවීමට මූලික හේතුව , වර්තමාන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරි මණ්ඩලය ක්‍රීඩා අමාත්‍යංශයට අවශ්‍ය විදිහට පත් කළත් තවමත් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ පෙර පැවති පාපන්දු සම්මේලනය නිලධාරි මන්ඩලය බවත් අපි රජයට මතක් කර දිය යුතුයි.

මේ ලබා දී තිබෙන තහනමින් පීඩාවට පත්වන්නේ දහසකුත් බලාපොරොත්තු හිතේ තබාගෙන පාපන්දු ක්‍රීඩාව සමඟ නියැලුණු ක්‍රීඩකයන්.

එවන් තත්ත්වයක් දිගටම පැවතිය හොත් පාපන්දු ක්‍රීඩාව පිළිබඳව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩකයන්ට ද දැඩි කලකිරීමක් ඇති වෙන්නට ඉඩ තිබෙනවා.

අප රජයෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා මෙම ගැටලූවට කඩිනම් විසඳුමක් හැටියට ජාත්‍යන්තර තලයේ පිළිගන්නා ලද ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සකස් කිරීමට සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ලබාගැනීමට කටයුතු වේදැයි කියා යනුවෙන් එතම පැවසීය.

එහිදී පැවැති රන් කුසලාන අභියෝග ශූරතා තරගාවලියේ ශූරතාවය දිනාගත් නුවරඑළිය යං බර්ඩ්ස් පාපන්දු කන්ඩායමට හා අනු ශූරතාවය දිනාගත් යං යුනටිටඩ් කන්ඩායම ඇතුළු 2022 වර්ෂය තුළ පැවැත්වූ සියලුම තරග තරගය සඳහා සුරතල් රස්සාව ශූරතාවය හිමිකරගත් කණ්ඩායම් සඳහා කුසලාන පදක්කම් හා සහතික පත් පිරිනැමීම හිටපු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාව සඳහා නුවරඑළිය හිටපු නගරාධිපතිවරුන් වන මහින්ද දොඩම්පේ ගමගේ හා චන්දන ලාල් කරුණාරත්න මහත්වරුන් සහභාගී වී සිටියහ.

Scroll to Top