පොසොන් සතියට හා පරිසර දිනයට සමගාමීව මතු පරපුරට දායාදයක් වශයෙන් නුවරඑළිය ස්වේච්ඡා තරුණ කණ්ඩායමක් සහ පාසල් සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ ඔක්සිජන් දන්සලක් නුවරඑළිය කන්දේඇල අධ්‍යාපනික පාරිසරික වනෝද්‍යයාන පරිශ්‍රයේදී පැවැත්විණ.
ජීවිත දහස් ගණනක් ජීවත් කරවන “ඔක්සිජන් දන්සලක්” මැයෙන් නම් කල මෙම දන්සල මගින් කන්දේ ඇල අධ්‍යාපනික පාරිසරික වනෝද්‍යානය තුල වටිනා පැළ වර්ග 4000 ක් සිටුවීමට මෙහිදී කටයුතු කෙරින.
යොවුන් සේනාංකයේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ගේ සහ නුවරඑළිය මීපිළිමාන ශ්‍රී සේනානන්ද විද්‍යාලයේ දුවා දරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඔක්සිජන් දන්සලට සමගාමීව සිදු වූ පැල සිටුවීමේ වැඩ කටයුත්ත සඳහා නුවරඑළිය එලායන් ෆිනැන්ස් ආයතනය මගින් මී, කුබුක්, අලුබොමු, ඇතුළු නුවරඑළිය ශීත දේශගුණික ප්‍රදේශයට ආවෙනික ඖෂධීය පැල වර්ග 4000ක් මිලදී ගැනීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබිණි.
එක් වේලකට පමණක් ආහාර පාන ලබා නොදී අනාගත පරපුරට හා පරිසරයට දායාදයක් වශයෙන් මෙවන් වෙනස් වූ දන්සලක් සංවිධානය කිරීමට තම කන්ඩායම කටයුතු කළ බව දන්සැලේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන තරුණ තරුණියන් අදහස් දක්වමින් පැවසීය.
නුවරඑළිය ප්‍රදේශයේ පොසොන් සතිය වෙනුවෙන් දන්සල් විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබූ නමුත් ඒ අතරින් සුවිශේෂිම දන්සලක් හැටියට මෙය හඳුන්වා දිය හැකි බවත් දුරදක්නා නුවණකින් යුතු ව මෙවන් කටයුත්තක් පාරිසරික අරමුණින් සිදු කිරීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බව නුවරඑළිය පරිසරවේදීන් මෙම කටයුතු පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව ලිපක් නොදල්වා සිදු කළ අපූරු දන්සලක් හැටියටත් මෙය නම් කිරීමට හැකි බවත් පරිසරවේදීන් කීහ.
මෙම වැඩසටහන සදහා නුවරඑළිය තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රසන්න සංජීව බෝයගොඩ , නුවරඑළිය එලායන්ස් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය , පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයන් , කන්දෙඇල ජාතික යොවුන් සේනාංකයේ විදුහල්පති තුමා අචාර්ය් මන්ඩලය සිසු සිසුවියන් හා මීපිලිමාන ශ්‍රී සේනානන්ද විද්‍යාලයේ ගුරු බවතුන් ඇතුළු සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.
මීට අමතරව ලෝක පරිසර දිනයට සමගාමිව හැටන් නගරයේ රාජ්‍ය ආයතන කෙන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් (05) දින සිදු කරනු ලැබුහ.
ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානය , හැටන් පොලිසිය , හැටන් දුම්රිය ස්ථානයේ සේවකයින් එක්ව මෙම රුක් රෝපණ වැඩසටහන සිදු කල අතර, මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමිව විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් විසින් පරිසරයට අවධිමත් ලෙස මුදා හැර තිබු ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර හැටන් දික්ඔය නගර සභාව වෙත භාරදෙනු ලැබුහ.
රංජි