Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගොවි ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියට පැමිණි නිල සංචාරයේ පැය භාගයක් හෝ බිම් මට්ටමේ ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවුන ප්‍රශ්න පිලිබදව සාකච්ඡා කිරිමට කෙටි වේලාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා ඉල්ලා සිටියි.
අරුණ ශාන්ත මහතා ඒ බැව් කියා සිටියේ  මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි.

මෙහිදි වැඩිදුර අදහස් දැක්වූ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ බිම් මට්ටමේ ගොවියන් සහ සියලු වෙළඳාමේ නියැලී සිටින පුද්ගලයන් වර්තමානය වන විට බොහෝ දුෂ්කරතාවයන් මැද තමන්ගේ ගොවිතැන් කටයුතු හා ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යෑමට සිදු වි ඇති බවයි.

පොහොර මිල , බීජ මිල , සහ සේවක පඩි යනාදිය අහස උසට මිල අධික වී තිබෙන කාලයක ගොවි නිෂ්පාදන නිෂ්පාදනයන්ට ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගොවියන් හා ව්‍යාපාරිකයන් පීඩාවට පත්වි සිටින බවයි.
නිසි ක්‍රමවේදයක් ඔස්සේ එළවළු වගා කිරීමට කටයුතු කිරීම ඇතුළු ගොවි ගැටලු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට ඇති බවයි.

වර්තමාන ජනාධිපතිවරයා ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන කෙනෙකු කියලා අපි දන්නවා ,අපි ඒ නිසයි ගරු ජනාධිපතිතුමන්ගේ වේලාවක් ඉල්ලන්නේ අපේ ප්‍රශ්නවලට එතුමා ඇහුම්කන් දීලා හරි විසඳුමක් ලබා දෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙන නිසා බව අරුණ ශාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

Scroll to Top