ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙයි.
එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.
එහි කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.
දෙපිළටම මෙම තරඟය අතිශය වැදගත්.
ශ්‍රී ලංකාවට එය වැදගත් වන්නේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් ජාත්‍යන්තර තරඟාවලිය මෙය වීමයි.
ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ සංයුතිය පරීක්ෂා කිරීමට ද මෙම තරඟාවලිය වැදගත් වෙයි.
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සේවය අවිනිෂ්චිත මට්ටමක පවතිනවා සේම ඇෆ්ගනිස්තාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන්ද අද තරඟයට එක් වන්නේ නැහැ.
තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නටද මෙම සංචිතයේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණද මෙම සංචිතයට නම් කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිදු හසරංග, පැතුම් නිස්සංක,චරිත් අසලංක,සදීර සමරවික්‍රම සහ දුෂාන් හේමන්තද මෙම සංචිතයට ඇතුළත් වේ.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රාජිත, මෙම සංචිතයේ සිය ස්ථාන වෙන් කරගෙන ඇත.