Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පළමු තැනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ.

ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි.

ඒ අනුව,  ප්‍රංශ විලාසිතා ක්ෂේත්‍රයේ අධිපති බර්නාඩ් ආර්නෝල්ඩ් ලොව අංක 2 ධනපති පුද්ගලයා බවට පත්වී තිබේ.

වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉලෝන් මස්ක්

1971 ජූනි 28 දකුණු අප්‍රිකාවේ උපත ලබපු ඊලෝන් රීව් මස්ක්ගේ මව කැනේඩියානු ජාතික කාන්තාවක්. ඔහුගේ පියා වුණු ඊලෝර් මස්ක් දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ඊලෝන්ට බාල කිම්බල් සහ ටොස්කා නම් සහෝදර සහෝදරියන් දෙදෙනෙක් පවුලට එකතුවුණු අතර 1980 දී ඔවුන්ගේ දෙමවුපියන් සිය විවාහය නිමා කිරීමට තීරණය කළා. ඊලෝන් සිය පියා සමග රැඳී සිටීමට තීරණය කළ අතර තම ජීවිතයේ සිදුකළ අවාසනාවන්තම අත්වැරැද්ද එය බව පසුව ඔහු ප්‍රකාශ කළා. අද පවා ඔහු තම පියා පිළිබඳව කතා කරන්නේ දැඩි ආවේගයෙන්.

වයස අවුරුදු දහයේදී එවකට ජනප්‍රිය වෙමින් පැවතුණු පරිගණක තාක්ෂණය කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු කුඩා අත්පොතක් ආධාරයෙන් පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳව ස්වයං අධ්‍යයනයක නිරත වී වීඩියෝ ගේම් එකක් හඳුන්වාදීමට සමත් වුණා. පසුව මෙහි අයිතිය සඟරාවක් වෙත ලබාදී ඩොලර් 500ක පමණ මුදලක් උපයා ගැනීම ඔහුගේ ළමා කාලය තුළ ලද එක් ජයග්‍රහණයක්.

ඔහු තම මූලික අධ්‍යාපනය දකුණු අප්‍රිකාව තුළ ලබාගත් අතර පාසලේ ඔහු එතරම් ජනප්‍රිය සිසුවෙකු වුණේ නැහැ. තම පන්ති සගයන්ගේ නිරන්තර පීඩාවට ලක්වූ ඔහු වතාවක් රෝහල්ගත කරන ලද්දේ එවැනි පිරිසක් විසින් පඩිපෙළකින් තල්ලු කිරීම නිසයි. වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කැනඩාව වෙත ගිය ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන කළේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලය තුළිනුයි.

ඉලොන් මස්ක් කියන විදිහට ඔහු දවසකට පැය 20ක් වැඩකරපු වෙලාවල් තියෙනවා. ඕනිම ධනවතෙක් දියුණු වෙමින් පවතින කාලෙදි ​එහෙම ලොකුවට මහන්සි වෙනවා. ඒත් ඉලොන් මස්ක් දැනුත් එහෙම ලොකුවටම මහන්සි වෙන කෙනෙක්. එයා ටෙස්ලා ගිගා ෆැක්ටරියක් බලන්න ගිහින් එයින් පස්සේ ඊල​ඟ දිනයේ ඔහු සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙනවා. එතනදි මස්ක් ඔහු කලින් දා රාත්‍රිය හදමින් පවතින ෆැක්ටරියේ මීටින් රූම් එකේ දිග ආසනයකට වෙලා ගතක​ළ බව අනාවරණය කරනවා. සමාගම් කිහිපයක එකවිට වැඩ කළත් තවමත් ඉලොන් මස්ක් සුවිසාල මන්දිරයකට වෙලා සතියේ වැඩි කලක් විවේකයෙන් ගතකරන කෙනෙක් නම් නෙමෙයි.

ලොකු බිලියනපතියන්ට කොහොමත් මාවත් කිහිපයක ව්‍යාපාර තියෙනවා. ඉලොන්ටත් එහෙමයි. ඒත් ඉලොන්ගේ අත ගැහීම පමණක් නෙමෙයි, ඔහු වැඩ ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක්. ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් කොපමණ සාර්ථක වුණත් ඉලොන් ඒ මත්තේම නැ​හෙන්නේ නැහැ. ඔහු ස්පේස් එක්ස් හරහා අ​ඟහරුට මිනිස්සු යවන වැඩේ ගැනත් බලනවා. ඒ වගේම ලෝකෙට අලුත් වුණු ඔහුගේ ගිගා ෆැක්ටරි ක්‍රමවේද ගැනත් බලනවා. ඔහුම කලක් ආරම්භ කරලා හිමින් ඇදෙන වැඩ ගැනත් නිතර ඉලොන් මස්ක් සොයා බලනවා. මෙතෙක් ලෝකයේ තිබෙන ආදායම් මාවත් වලට වඩා නවීනත්වය එක්ක එකතු වෙන ආදායම් ලබන ආකාරයක් සොයාගන්නට ඉලොන් ​මස්ක් හැම වෙලාවෙම දක්ෂයි.

ලංකාවේ ගත්තොත් කුමක් හෝ නව නිමැවුමක් තියාගෙන ඒකට අනුග්‍රාහකයෙක් සොයා වෙහෙසෙන අය ගොඩාක් ඉන්නවා. මස්ක් ගේ මාදිලිය වෙනස්. ඔහු ඔහුගේ අලුත් නව නිමැවුම් බොහොමයක් විකුණා ගන්නට උත්සාහ දරනවා. ඔහු රොකට් හැදුවාට පස්සේ ඒ රොකට් වලින් කවදා හරි හඳට යනකල් බලාගෙන ඉන්නේ නැතිව නාසා ආයතනයට, ඇමරිකානු හමුදාවට ඔහුගේ රොකට් හරහා මුදලට සේවා සපයන්නට ගත්තා. ඒ වගේම රොකට් වලින් ගිහින් ලෝකයට අන්තර්ජාලය සපයන ස්ටාර්ලින්ක් සැටලයිට් පද්ධතියක් ලබාදෙන්නට ඔහු උත්සාහ ගන්නවා. ඔහුගේ කාර් හදන එක ප්‍රමාද වෙද්දි ඒකට අලුත් අවකාශයක් විදිහට ගිගා ෆැක්ටරි කියන සංකල්පය හදලා ඔහු ඒ ගිගා ෆැක්ටරිත් දැන් අවශ්‍ය අයෙකුට හදා දෙන්න පුළුවන් තාක්ෂණයක් විදිහට මුදල් කරගන්නටයි සැරසෙන්නේ. ටෙස්ලා සමාගම දියුණු කරගත් බැටරි සහ උපාංගත් වෙනත් සමාගම් වලට කෙලින්ම විකුණන්නත් ඉලොන් මස්ක් සමත් වුණා. එහිදී හුදෙක් අලුත් දේවල් සොයා යෑමෙන් නොනැවතී, ඒ හැම අලුත් දේකින්ම වෙළ​ඳපොලක් නිර්මාණය කරගන්න උත්සාහ කිරීම මස්ක් ගේ සාර්ථකත්වයට තවත් හේතුවක්.

බොහෝ ලෝ පතල බිලියනපතියන් පොත් කියවන අය. ඉලොන් මස්ක් කුඩා කලදීම හො​ඳ කියවන කෙනෙක්. පසුකාලීනව ඔහු අතගසා තිබෙන සෑම ක්ෂේත්‍රයකම හො​ඳ ප්‍රසන්ටේශන් එකක් කරන්න පුළුවන් මට්ටමට ඒ ඒ දේවල් ගැන සාර්ථක අවබෝධයක් ඉලොන් මස්ක්ට තියෙනවා. ඔහු අධ්‍යාපනය ගැන දරන්නේත් නැවුම් අදහසක්. ඔහු කියන විදිහට මුලින්ම ටූල්ස් ගැන, ක්‍රමවේද ගැන උගන්වලා පස්සේ එන්ජිම ගැන කියාදීලා කරන ඉගැන්වීම සාර්ථක එකක් නෙමෙයි. මුලින් එන්ජිම ගැන දරුවන්ට කියලා පස්සේ ඒකට වැඩට ගන්න ටූල්ස් ඒ අවශ්‍ය වෙලාට පමණක් කියා දෙන්න ඕන කියලයි ඉලොන් මස්ක්ගේ අදහස වෙන්නේ. ඒ ආකාරයෙන් ආන්දෝලනාත්මක මතවාද ගොඩක් තියෙන මස්ක් ඇතැම් විට ඔහුගේ අදහස් අවාසිදායක වුණත් ඒවා ඉදිරිපත් කරන්න පසුබට වෙන්නේ නැහැ.

බිලියනපතියන් හැදෑරීම කියන්නේ අපේ ජීවිතයට හො​ඳ දෙයක්. බොහෝ බිලියනපතියන් හො​ඳට ඉගෙනගන්න අය. සමහර විට ඔවුන්ගේ උපාධි ගණන, සහතික ගණන අඩු වුවත් ඔවුන් කියවීමෙන්, අධ්‍යයනය කිරීම් වලින් ලොකු දැනුමක් ගොඩනගාගෙන තියෙන බව ඔවුන්ගේ ඉන්ටවිව් බැලුවාම පේනවා.  හො​ඳට සල්ලි තියෙන බොහෝ උදවිය ජීවිතයේ එක් කාල පරිච්ඡේදයකදී හො​ඳට ඒකට මහන්සි වෙලා කට්ට කාලා තියෙනවා. ඉලොන් මස්ක් ගේ වටිනාකම හොයන්න වගේම ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ කාරණා අපේ ජීවිතයට එකතු කරගන්නත් අපි මහන්සි වෙමු.

 

 

Scroll to Top