නුවරඑළිය සංචාරක නගරයේ සෞන්දර්යාත්මක පරිසරය සීග්‍රයෙන් විනාශ වීම නැවැත්වීමට හා පරිසර හානින්ට විරුද්ධව හඩ නැගීමට නව පරිසර සුරක්ෂිතා කන්ඩායමක් නිර්මාණය කිරීම (30) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු විය .
අතිශය පරිසර සංවේදි කලාපයක් ලෙස හා පාරිසරික වටිනාකම් රාශියක් සහිත මනරම් සෞන්දර්යාත්මක පරිසරයකට හිමිකම් කියන දෙස් විදෙස් සංචාරකයන් හා පරිසරවේදීන් බොහෝ සෙයින් ප්‍රිය කරන නුවරඑළිය නගරය හා අවට පාරිසරික සීමාව මෑත කාලය තුල බොහෝ සෙයින් විනාශ වීමක් හා නුවරඑළිය නගරයේ වගුරු බිම් ඇතුලු වටිනා පරිසර සංවේදි භූමු මුලුමනින්ම විනාශ කකරමින් දේශපාලනික උවනාවන් මත අනවසර ඉදිකිරීම් ඉහලයාම හා නිසි කසල කළමණාකාරිත්වයක් නොමැති වීම හේතුවෙන් සිදුවන විනාශයන් වැලැක්වීම වෙනුවෙන් මෙලෙස පරිසර හිතකාමි කන්ඩායමක් බිහි කිරීම වෙනුවෙන් වැඩසටහනක් පවත්වා පරිසරය රැකීමට කන්ඩායමක් පිහිටුවීමට වොයිස් ඔෆ් නුවරඑළිය සංවිධානය කටයුතු කර තිබිණ.
මෙම වැඩසටහන සදහා පරිසරයට ආදරය කරන අය සියල්ලෝ උක්ත වැඩසටහන සදා පැමිණෙන ලෙස පොදු දැන්වීම් හා සමාජ මාධ්‍ය අරහා සිදු කරනු ලැබූ ආරාධනාව මත 150 ට ආසන්න සිවිල් ප්‍රජාව හා රාජ්‍ය නිළදාරින් විශාල පිරිසක් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් වැඩසටහන සමග සහ සම්භන්ද වීම විශේෂත්වයකි.
වැඩසටහන සදහා පැමිණි සිටි පරිසර හිතකාමින් සමග ප්‍රවීණ පරිසරවේදී රාජිත ගමගේ මහතා , මද්යම පරිසර අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක අජිත් විජේසිංහ මහ්තා සහ මානව හිමිකම් කොමිසන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක විරන්ජන් ඩයස් සුමණසේකර මහතා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්රේලලාල් හෙට්ටිආරච්චි , නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කථිකාවක් ගොඩා නගා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්ය තුල සිදුවන පරිසර විනාශයන් පිළිබඳව හා ඉදියේදී සිදු වීමට යන පරිසර විනාශයන් වැලැක්වීම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කිරීමත් සමග නුවරඑළියට සංචාරක පුරවරයට බලපාන ගැටලු පිළිබඳව අවදානය යොමු විය.
සුවිශේෂ කරුණු හැටියට නුවරඑළිය නගරය අරහා ගමන් කරන තලගල ඔයට නිවැස් සහ ව්‍යාපාරික ස්ථාන හෝටල්වල අපද්‍රව්‍ය මුදා හැරීමට කරටුතු කිරීම වැලැක්වීම , නුවරඑළිය තුල වර්තමානයේ පිහිටි නළ ලිං 1200 ට අතරව නැවත නළ ලිං ඉදි කිරීමට අවසර දීමට එරෙහි වීම , පානිය ජල ප්රබවයන් විනාශ කිරීමට එරෙහි වීම හා ජල පෝෂක ප්‍රදේශ හා ශාක රැක ගැනීම , නාගරික කැලි කසල හා අපද්‍රව්‍ය කළමණාකාරිත්වය පිළිබඳව නිසි සැලසුම් සකස් කිරීම , ජලපෝෂක නගරයක් සදහා ඉදි විය යුතු ගොඩනැගිලි නියාමනය කිරීමට බල කරවීම හා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට හා අනවසර ඉදිකිරීම් සදහා අවසර ලබා දීම් වලට විරුද්ධව හඩ නැගීම , පරිසර විනාශකාමි කෘෂි රසායන්ට විරුද්ධ වීම , පරිසර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම ඇතුළු කරුණු කාරණා රාශියක් පිළිබඳව මෙහිදී අවදානය යොමු විය .
රංජිත්