Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එළවළු කිලෝවක තොග මිල රු 400න් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උඩරට සහ පහතරට එළවළු වල තොග මිල ඉහළ යාමට සාපෙක්ෂව සෑම එළවළු කිලෝවකම මිල රු 400 – 750 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිම නිසා එළවළු වෙළදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව එළවළු වෙලදුන් කියා සිටියි.

වට්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

අමු මිරිස් කිලෝවක් රු 500 , නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්,ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවයි  එලවළු තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

මේ අතර කුකුල් මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එසේ කුකුල් මස් වල මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බවයි කුකුල් මස් වෙලෙදුන් කියා සිටියේ.

රංජිත්

Scroll to Top