නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාව එක්ව සංවිධානය කල ඩෙංගු මර්ධන වැඩසටහනක් 2023.05.26 වන දිනය පුරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණ.
සංචාරකයින් බහුලව ගැවසෙන නුවරඑළිය නගරය අවට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිවුවහොත් එය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් කසල විධිමත්ව බැහැර කිරීම සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමන් රජයේ වගකිව යුතු නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දෙන ලදි.
නුවරඑඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහ ආවරණය වන පරිදි විධිමත් ආකාරයේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර පළාත් පාලන ආයතන, වතු සමාගම් සහ ග්‍රාමීය ඩෙංගු කමිටු හරහා එය ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.