නුවරඑළිය ඉහල වැව පාරේ පිහිටි පරම්පරා ගාණක් පදිංචිව සිටි ජලය විදුලිය හිමිකරුවන්ගේ නමට තිබෙන හිමිකරුවන්ගේ නමින් නුවර එලිය මහ නගර සභාවට වරිපණම් ගෙවන ඉඩම් අක්කර ගණනාවක් වනජීවී හා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව ඩැහැගන්නට කුමන්ත්‍රණයක් සිදු කරන බව පදිංචිකරුවන් මැසිවිලි නගයි .
නුවරඑළියෙ ඉහල වැව පාරේ පිහිටි අවුරුදු 40ක ප්‍රමාණයක පුද්ගලයන් 200ට ආසන්න පිරිසක් වසර 70ට අධික කාලයක් ස්ථිරව පදිංචිව සිටින අක්කර 07ක් භූමිය වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති යැයි කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමට ඉඩ නොදී මාර්ගයක් හෝ සකස් කර ගැනීමේදී පදිංචිකරුවන්ට නඩු පවරා තමන් අපහසුතාවයට පත්කරන බව පදිංචිකරුවන් සඳහන් කරයි.
වසර ගණනාවක් එම ඉඩම් වල ස්ථිර ස්ථිරව පදිංචිව සිටින පුද්ගලයන් අදහස් දක්වමින් කියා සිටියේ අවුරුදු 70ට අධික කාලයක් ස්ථිරව පදිංචිව සිටින මෙම ඉඩම් ඉඩම්වල අයිතිය හිටිහැටියේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සතුව ඇති බවයි කීම අභිරහසක් සහ මේ පිටුපස යම් කිසි කුමන්ත්‍රණයක් දියත් වන බවයි ,
වැඩිදුර අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් කියා සිටියේ අපි අපේ සීයලාගේ කාලේ ඉඳන් මෙම ඉඩම් වල පදිංචි වෙලා ඉන්නවා ඒවාට අවශ්‍ය සියලුම සියළුම ලියකියවිලි අපි ළඟ තියෙනවා.
ඒ කාලේ ඉඳන්ම ඡන්ද දුන්නටත් සාක්ෂි අපි ළඟ තියෙනවා .
අපේ නම් වලට ජලය විදුලිය වගේම වරිපණම් අංක ලබාදීලා අවුරුද්දක් පාසා නුවරඑළිය මහ නගර සභාවට වරිපණම් ගෙවාගෙන තමයි එන්නේ.
දැන් ටික කාලෙක ඉඳන් ඒ කියන්නේ අවුරුදු 5ක් වගේ කාලෙක ඉඳන් අපිට ඇණයක් වත් ගහන්න දෙන්නේ නැහැ වනජීවී එකෙන් ඇවිල්ලා අපට කියන්නේ මේ ඔහුට අයිති ඉඩම් මේකෙ කිසිම ඉදිකිරීමක් කරන්න දෙන්නෙ නැහැයි කියලා.
මෙහෙ ඉන්න ගොඩක් අයගේ වැසිකිලි පවා අබලන් වෙලා තියෙන්නෙ අලුතින් වැසිකිලියක් වත් හදන්න දෙන්නේ නැහැ වනජීවී එකෙන් ,
එන්න එන්නම මෙම ගම්මානයේ ජනගහනය වැඩි වෙනවා අවුල් ගාන වැඩි වෙනවා ඒත් අපේ ඉඩම් වල ගියත් තුනක්වත් අද ගන්න අපිට වනජීවී එකෙන් අවසර දෙන්නේ නැහැ.
බලෙන්ම ඇවිත් අපේ ඉඩම් වටේ මායිම් ගල් හිටවලා ගියා අඩුම ගානෙ අපේ ගෙවල් වලට එන පාර වත් අපිට හදාගන්න විදිහක් නැහැ සිමෙන්ති ටිකක් ඇනුවත් අපිට විරුද්ධව නඩු දානවා ඉදිකිරීම් කරනවා කියලා.
කැලේ තියන ගස් අපේ ගෙවල්වලට පහත් වෙලා අපිට ඒකත් මහ කරදරයක් වෙලා තියෙන්නේ ඒ ගස් ඉවත් කර දෙන්න කියලා වනජීවී එකට ඉල්ලීම් කරත් ඔහොම ඒවටත් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ වැසි කාලෙට ගස් සහ ගස් වල අතු අපේ ගෙවල් වලට කඩන් වැටෙනවා ඒකෙන් ජීවිතයක් වත් අහිමි වුණා නං ඒකට වග කියන්නත් කවුරුත් නැහැ.
හැම පැත්තෙන්ම අපි අසරණ වෙලා ඉන්නේ.අපේ ගෙවල් වල අපි ඉන්නේ හිරකාරයෝ වගේ. මේක මහ පුදුම කරුම ජීවිතයක් වෙලා තියෙන්නේ අපිට.
අපිට නම් හිතෙන්නේ මේ වටිනා ඉඩම් මංකොල්ලයකට තමයි මේ අය ලෑස්ති වෙන්න කියලා.
මෙම ගැටළුව පිළිබඳව නොයෙකුත් පාර්ශව අපි දැනුවත් කරා ජනාධිපතිතුමන්ටත් ලියුම් එව්වා ඒත් කිසිම වැඩක් වුනේ නෑ .
අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ ගැන හොයල බලල කඩිනම් විසදුමක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා යනුවෙන් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප වනජිවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත විය.