මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයි.පී.එල්. ගමනට තිත තබමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන්නට මෙවර තරගාවලියේ ප්රබලතම කණ්ඩායම බවට පත්ව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ශර්මාගේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් පිළට හිමි විය.
ගුජරාට් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 03කට ලකුණු 233ක්.
එහිදී මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින ශුබ්මන් ගිල් පන්දු 60ක් තුළ ලකුණු 129ක් රැස් කළේ මුම්බායි පන්දු යවන්නන් ප්රේක්ෂකයින් බවට පත්කරමින්.
මුම්බායි පිළට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියල්ලක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.
තීරණාත්මක මෙම තරගයෙන් ලකුණු 62ක ජයක් හිමිකරගත් ගුජරාට් ටයිටස් කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් අයි.පී.එල්. තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.