ඕස්ට්‍රේලියාවේ සිට අජාන් බ්‍රහ්මවංශෝ හිමිියන් සැලසුම් කළ ආකාරයට මැයි 22 දා සිට දින නමයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති.
උන්වහන්සේ මෙහි පැමිණි දිනයේ පටන් ධර්මය ප්‍රචලිත කිරිම හා නොයෙකුත් වැඩසටහන්වල නියැළී සිටින අතර, මෙත්තා විහාරි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අජාන් බ්‍රහම් සංගමය (ABSSL) විසින් උන්වහන්සේගේ ගමන ඉතා හොඳින් සැලසුම් කර තිබේ.
භාවනා වැඩසටහන
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මඟින් පාලනය වන ජාතික නිවාඩු නිකේතනයේදී භික්ෂුන් වහන්සේලා 55 නමක්, භික්ෂුණින ් වහන්සේ 44 ක් සහ ගිහියන් 58 දෙනෙකුගෙන් සමන්විත 157 දෙනෙකු වෙනුවෙන් බණ්ඩාරවෙල භාවනා අසපුවේදී දින නමයක් පුරා භාවනා වැඩසටහනක් පැවැත්වෙයි.
මේ පිරිස විශේෂයෙන් ඉදිකරන ලද තාවකාලික කුඩාරම්වල භාවනානුයෝගීව සිටින අතර අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ සෘජු මග පෙන්වීම යටතේ කණ්ඩායම් සැසි මැයි 23 දින ආරම්භ වූ අතර, අවශ්‍යතාවය අනුව අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ පුද්ගලික මඟපෙන්වීම් ලබාගැනීමේ අවස්ථා ද පවතියි.
මෙම වැඩසටහන අවසන් වන්නේ මැයි 28 වන දිනයි.
ව්‍යාපාරික / වෘත්තිය පුද්ගලයින් සඳහා සැසි
මින් අනතුරුව උන්වහන්සේගේ කාර්ය බහුල කාලසටහනේ ඊළඟ කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික / වෘත්තිය ප්‍රජාවේ ආරාධිත සහභාගි වන්නන් සඳහා වන සැසියයි.
මෙය මැයි 29 වන දින ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙනවා.
එය අලුතින්ම හඳුන්වාදෙන වැඩසටහනක් වන අතර, ආකර්ශනීයව සංවිධානය කර තිබෙනවා.
ප්‍රථම වතාවට වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර ඇති අතර, බුදුන් වහන්සේ මෙම ගණයේ පුද්ගලයින්ට පැවසූ දෙය අදටත් අදාළ වනවා.
අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය, ජීවිතයේ අත්දැකීම් සහ ලෝක ප්‍රකට භාවනානුයෝගී භික්ෂුවක් ලෙස එවැනි සැසියකට මඟ පෙන්වන්නට සුදුසු සුවිශේෂීම භික්ෂුව වනු ඇති.
එදින පුදගලයින් 115 දෙනෙකු ප්‍රතිලාභීන් බවට පත් වන අතර සෑම සැසි වාරයක් ම විනාඩි 90 ක් පවතිනවා.
එහිදී උන්වහන්සේ සමග සෘජු සාකච්ඡාවකට ඉඩ සැලසෙනු ඇති.
මහජනතාවට දහම් කතාව
උන්වහන්සේගේ කෙටි ලංකා සංචාරය තුළ ඇති වැදගත්ම අවස්ථාව වන්නේ මහජනතාව සඳහා වන දහම් දෙසුමයි.
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ මෙම උත්සවය මැයි 30 අඟහරුවාදා BMICH හි දී පෙරවරු 7.00 ආරම්භ වී 11.00 ට අවසන් වනවා.
ABSSL විසින් මාර්තු මැද භාගයේදී ප්‍රසිද්ධ කරන ලද ස්ථානවලින් එකතු කරන ලද නොමිලේ ලබාදෙන අවසරපත්රවලින් පුද්ගලයින් 5,000 කගේ පැමිණීම අපේක්ෂා කරනවා.
එලෙස පැමිණෙන දෙනා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා A සහ B වල අසුන් ගන්වනු ඇති.
අජාන් බ්‍රහ්ම් ප්‍රධාන ශාලාවේදී ධර්ම දේශනයක් පවත්වන අතර අනතුරුව තවත් දේශනයක් සහ භාවනා සැසියක් ශාලාවේ පැවැත්වෙනවා.
උන්වහන්සේ B ශාලාවේ සිටින විට අවධානය යොමු කරන්නේ ප්‍රශ්න උත්තර වැඩසටහන් සඳහායි.
සියලුම ශාලා සජීවීව සම්බන්ධ කර තිබෙනවා. ශ්‍රාවකයන්ට උන්වහන්සේට සවන් දෙන අතරතුර උන්වහන්සේ දැකීමටද හැකියි.
ප්‍රධාන ශාලාවේ අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ ධර්ම දේශනා සහ අසන ලද ප්රශ්නවල ප්‍රධාන අංගයන්, දමිත හිමි විසින් සිංහලෙන් සාරාංශ කොට පරිවර්තනය කිරීම මඟින් සහාය දක්වනු ඇති.
වැඩසටහනේ ආරම්භය සහ ප්‍රගතිය සුමටව සිදු කිරීමට හැකි වන පරිදි මැයි 30 වැනි දින පෙ.ව. 6.45 වන විට අවසරපත්‍ර අනුව අසුන්ගන්නා ලෙස ශ්‍රී ලංකා අජාන් බ්‍රහම් සමාජය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
සහභාගිවන්නන්ට මුහුණු ආවරණ පැළඳීම සහ පානීය ජලය රැගෙන එන ලෙස උපදෙස් දෙයි.