Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුවල සංශෝධනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ජුනි මස පළමු වනදා සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කර ඇති බවයි වෙයි.

මෙම මිල ඉහළ දැමීම අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර, ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් දක්වා වැඩි වනු ඇති.

මීට පෙර එම ගාස්තු පැවතියේ වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙසටයි.

මේ අතර විදේශීය වැඩිහිටියන් සඳහා උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් සහ විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් ලෙස ඉහළ දමා තිබේ.

එම ගාස්තුව මීට පෙර පැවතියේ විදේශීය වැඩිහිටියන් සඳහා රුපියල් 2,000ක් සහ ළමුන් සඳහා රුපියල් 1,000ක් ලෙසටයි.

Scroll to Top