Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනිස් ශරිරයේ සියළුම අවයව කොටස් පැහැදිලි කරන අවුරුදු 7ක පාසල් සිසුවියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මිනිස් ශරිරයේ සියළුම අවයව කොටස් පැහැදිලි කරන අවුරුදු 7 ක පාසල් සිසුවියක්.
මිනිස් ශරිරයේ සියළුම අවයව කොටස් පින්තුර දර්ශනයක් මගින් පැහැදිලි කරන පාසල් සිසුවියක් පිලිබදව බගවන්තලාව ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

ඇය නමින් සංකර්දාස් කංෂිකා (07) වන අතර , ඇය බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරනු ලබයි.

කුඩා කල සිටම මිනිස් ශරිරයේ සියළුම කොටස් පිලිබදව හසල දැනුමක් ඇති සංකර්දාස් කංෂිකා එයට අමතරව ලෝකයේ සියළුම රටවල් සහ එහි අගනුවරවල් , ශ්‍රි ලංකාවේ රජ පෙලපත පිලිබදව සහ ශ්‍රි ලංකා ධජය සහ රාජ්‍ය ලාංජනය පිලිබදවද එම සිසුවියට පින්තුර දර්ශන මගින් පැහැදිලි කිරිමට හැකියාව ඇත.

ඇයගේ දක්ෂතාවයන් පිලිබදව අදහස් දක්වන පියා වන තංගරාජ් සංකර්දාස් සහ මව වන පාරමනාදන් භාමිණි යන දෙපල කියා සිටියේ තම වැඩිමහල් දියණියට කුඩා කල සිටම මනා දැනුමක් ඇති බවයි.

දැනට පින්තුර දර්ශන මගින් විදහා දක්වන තරුණු පිලිබදව ඇයට කිසිදු අධ්‍යාපනයක් පාසල තුල හෝ නිවසේදි ලබා දි නොමැති බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

රංජි

Scroll to Top