මධ්‍යම කදුකරයට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග උඩරට සහ පහතරට එළවළු තොග සහ සිල්ලර මිල යලි ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙලෙදුන් කියා සිටියි.
ඒ අනුව තක්කාලි කිලෝවක් රු 400 , අමු මිරිස් රු 250 , බෝංචි රු 480 , අර්තාපල් රු 200 , මුරුංගා රු 560 , කැරට් රු 250 , ගෝවා රු 200 , බටු රු 250 , ලික්ස් රු 280 වශයෙන් සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
රංජි