සම්ප්‍රදායිකව අපි සිදු කරපු කටයුතු වලින් වෙනස් වෙන්න හොඳම කාළය මේ,සාම්ප්‍රදායිකව සිදු කරපු රාජ්‍යය පාලනය තව දුරටත් සිදු කරන්න බෑ,අපි වෙනස් විය යුතුමයි.සාම්ප්‍රදායිකව කරපු දේශපාලනය අද සමාජයට ගැලපෙන්නේ නෑ.බොහෝ ජාත්‍යන්තර සංවිධාන හමුවලදී මේ රටේ ජනතාවගේ, ආර්ථිකමය වශයෙන් ඇති වෙලා තියෙන පීඩනයෙන් මිදීම සඳහා ඔවුන් තුළ තිබුණ අධිෂ්ඨානය අගය කිරීමකට ලක් වුණා.මේ රටේ පුරවැසියෝ අධිෂ්ඨානශීලීව කටයුතු නොකළා නම් මේ තියෙන අමාරුකම් විඳ දරාගෙන සාමකාමීව ඉදිරියට යන්න කටයුතු නොකළා නම් අද මේ පවතින තත්වය අපිට අරගෙන එන්න බෑ යැයි මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.
අනුරාධපුර දිස්ත්‍රිකක්යේ පෙරපාසල් ගුරුභවතුන් ඉංග්‍රීසී දැනුමෙන් සන්නද්ද කිරීම උදෙසා උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සංකල්පයක් මත,ප්‍රවීණ මනෝ උපදේශක උදය දේවමුල්ල මහතා ඇතුළු PETTOP LONDON INTERNATIONAL NETWORK ආයතනය හා සම්බන්ධවෙමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුභවතුන් සඳහා ත්‍රෛමාසික ඉංග්‍රීසී පුහුණු වැඩමුළුවේ නිමාව සනිටුහන් කරමින්ය.එහිදී පෙරපාසල් දරුවන්ට ක්‍රියාකාරකම් මගින් ඉංග්‍රීසි අකුරු, වචන හුරුකරවීම සඳහා පෙරපාසල් ගුරුභවතුන් දැනුමින් පෝෂණය කිරීම සිදු කර තිබිණි.එහිදී පෙරපාසල් ගුරුභවතුන් විසින් තමන් මාස 03 ක් පුරා උගත් දෑ පෙරපාසල් දරුවන්ද යොදා ගනිමින් ප්‍රායෝගිකව ප්‍රදර්ශණය කරනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ නිලන්ත ඒකනායක මහතා.
උතුරු මැද පළාතේ මුල් ළමාවිය අධිකාරිය මම භාර ගනිද්දී මට තිබුණු ප්‍රධානම අභියෝගය තමයි පෞද්ගලික පෙරපාසල්, පෞද්ගලික පෙරපාසල් හැම වෙලාවේම දැන්වීම් දැම්මේ, බැනර් ගැහුවේ, ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල් කියලා.මේක තමයි මේ අය කරපු සටන, ඔය සටන යද්දී මට අවශ්‍යය වුණා, රටේ ආර්ථික වශයෙන් අවපීඩනයක තියෙද්දී මට අවශ්‍යය වුණා පෙරපාසල් ගුරුතුමියන්ගේ ඉංග්‍රීසී දැනුම වර්ණවත් කරන්න ක්‍රමයක්, ඒ අනුව ඒ අභියෝගය ජයගන්න පෙරපාසල් ගුරුවරුන් යොමු කරන්න අවස්ථාව අපිට ලැබුණා.ලෝක බැංකුව මගින් ළමා ලේකම් කාර්යාලය හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් සහිතව ව්‍යාපෘතියක් මීට වසර කීපයකට පෙර පටන් ගත්තා, හැබැයි මේ ව්‍යාපෘතිය අදින් (15) ඉවරයි. කියන්න කණගාටුයි අපේ රටේ පෙරපාසල් දියුණු කරන්න තිබුණු ඩොලර් මිලියන ගණනක් ඒ සම්පත් දායක රටට යනවා.මේ පෙර පාසල් පද්ධතිය ගැන ඇස් ඇරලා බලන්න ඔ්න හැමකෙනාම.වාණිජකරණයට හසුවූ පෙරපාසල් පද්ධතියක් දැන් තියෙන්නේ. යැයි පැවසීය.
එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
කියමනක් තියෙනවා ” ඔබට වේගයෙන් ඇවිදින්න අවශ්‍යය නම් ඔබ තනිව ගමන් කරන්න, හැබැයි ඔබට දුරක් යා යුතු නම් කණ්ඩායමක් හැටියට ගමන් කරන්න ” කියලා. අපේ රටේ මේ ඇති වෙලා තියෙන ගැටලු වලටත්, ඉතිහාසය පුරාම ඇති වෙලා තියෙන තත්වයන් වලට මූලික ගැටලුවක් ලෙස මම දකින්නේ බොහෝ අවස්ථාවන් වලදී කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේදී ඇති වෙලා තියෙන දුර්වලකම්.ඉතිහාසයේ මොන වරදක් සිදු වුණත් අපි වර්ථමානය හා අනාගතය ශක්තිමත් කිරීමට අපේ දායකත්වය ලබා දිය යුතුමයි.
මම නිරන්තරයෙන් විශ්වාස කරන දෙයක් තමයි සම්ප්‍රදායිකව අපි සිදු කරපු කටයුතු වලින් වෙනස් වෙන්න හොඳම කාළය මේක.හැම පැත්තෙන්ම, සාම්ප්‍රදායිකව සිදු කරපු රාජ්‍යය පාලනය තව දුරටත් සිදු කරන්න බෑ,අපි වෙනස් විය යුතුමයි.අලුතින් හිතලා ලංකාව ලෝකයට ගැලපෙන හා තරඟකාරීත්වයක් දෙන තැනට ගමන් කළ යුතුයි.දේශපාලඥයින් නම් සාම්ප්‍රදායිකව කරපු දේශපාලනය අද සමාජයට ගැලපෙන්නේ නෑ.ඒක අපි තේරුම් ගත යුතුයි.අපි වෙනස් විය යුතුයි.ඒ වගේම තමයි අනෙක් සියලු දෙනාත්.අපි ඉතිහාසයේ මොන ආකාරයෙන් කටයුතු කළත්, ඉස්සරහට ගමන් කරන්න වෙනවා නම් අපිට ලෝකයේ සිදු වන වෙනස්කම් වලට ගැලපෙන ආකාරයට අපි වෙනස් විය යුතුමයි.ඒක වෙනස් නොවන හින්දාමයි, අර මුල් බැහැගෙන ගියපු සිතුවිලිත් එක්ක අපි ජීවත් වෙන හින්දා තමයි මේ තත්වයන් බොහෝ දුරට අපේ රටට ඇති වෙලා තියෙන්නේ.ඒ නිසා ඒ වෙනස්කම් කරනන් අපි බිය විය යුතු නෑ.
ඔබට අලුත් ව්‍යවසායකයින් බවට පත් වෙන්න පුලුවන් අලුත් මානයන්ගෙන්.අපේ රටේ මේ ඇති වෙන අලුත් වෙනසට මම සතුටු වෙන්නේ, රාජ්‍යය අංශය නිරන්තරයෙන්ම මානසිකත්වය හදා ගන්න ඔ්න පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීත්වයෙන් ඉදිරියට යන්න,අපේ රටේ මෙතෙක් ඒක වුණේ නෑ.රජය කිසිම අවස්ථාවක පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීත්වයකට ගියේ නෑ.ඒ නොයන්න හේතුව රජය විශ්වාස කළා.සියලුම දේවල් වලට වඩා රජය ඉහළයි, අනෙක් ඔක්කොම ඊට වඩා පහළ කියලා.ව්‍යාපාරයක් ගත්තත් එහෙමයි.රාජ්‍යය ව්‍යාපාර විශ්වාස කරනවා අපි තරඟකාරීත්වයට යන්න ඔ්න නෑ, අපි මොකටද තරඟකාරීත්වයක් කරන්නේ, අපිට වැඩ කළත් නොකළත් රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව අපිට ඒ ටෙන්ඩර් එක එනවා.ඒ ක්‍රමය තුළ යද්දී අලුත් දේවල්, අලුතින් හිතන්න, අපිට තියෙන රාමුවෙන් පිට හිතන්න අපි පටන් ගන්නේ නෑ.හැබැයි අද මම සතුටු වෙනවා.රාජ්‍යය අංශය, පෞද්ගලික අංශය එක්ක තරඟකාරීත්වයකට යා යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා.ඒක අපි හිතුවාට මදි, ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඔ්න, ඒ හින්දා පෙරපාසලකට තියෙන මූලිකම තරඟකාරීත්වය තියෙන්නේ මේ භාෂා හැසිරවීමත් එක්ක,ඉංග්‍රීසී භාෂාව හොඳින් තමන්ගේ දරුවාට උගන්වනවා කියලා දෙමව්පියන්ගේ විශ්වාසයක් තියෙන පෙරපාසලට අද වැඩි ඉල්ලුමක් ලැබිලා තියෙනවා.ඒ පෙරපාසල පල්ලෙහාට දාන්න මඩ ප්‍රචාරයක් අරගෙන යන එකද කරන්න ඔ්න, අපි ඒ තැනට ඉහළට එන එකද කරන්න ඔ්න, ඉදිරියේදී අපි විශ්වාස කරනවා හෝඩියේ සිට පළමු වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයට අපේ අලුත් අධ්‍යාපන ක්‍රමවේදය විවෘත කරන්න.
ඒකේදී අපි කවුරුත් අදහස් කරන්න ඔ්න නෑ, අපේ මවු භාෂාවට දෙවැනි තැන දෙනවා.සාම්ප්‍රදායෙන් පිට යනවා ඒක හොඳ නෑ, එවැනි වෙනස්කම් දේශපාලනීකරණය කරගන්න හොඳ නෑ, දේශපාලන ව්‍යාපාර වල පැවැත්මට, මේකතමයි අද අවශ්‍යතාවය වෙලා තියෙන්නේ.ලංකාවේ ගම්වල ඉන්න අපේ බොහෝ දරුවෝ දක්ෂයි.අලුත් දේවල් හිතනවා.හැබැයි ඒ ගොල්ලන්ට මතු වෙලා ඉහලට එන්න බෑ, භාෂාවේ මතු වෙලා තියෙන ගැටලු නිසා.මේ වෙනසට හා ඉදිරියේදී ඇති වෙන අභියෝග වලට මුහුණ දෙන්න පුලුවන් අධ්‍යාපන රටාවක් ඇති කරන්න.
විශේෂයෙන්ම අපි විශාල අභියෝගාත්මක කාළයක මේ ගමන් කරන්නේ, අපි මේ අභියෝග ජයගත්තොත් විතරයි අපිට හොඳ රටක්, අලුත් රටක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්නේ, ඒකේදී අපිට සිදු වුණා බොහෝ අමාරු තීරණ ගන්න.ඒ තීන්දු වලදී බොහෝ ජාත්‍යන්තර සංවිධාන ආර්ථිකමය වශයෙන් වැටිලා තියෙන අර්බුධයෙන් මිදීම සඳහා රජය ගත්ත තීන්දු වලදී රජය මොන විවේචනයන්ට ලක් වුණත්, බොහෝ ජාත්‍යන්තර සංවිධාන හමුවලදී මේ රටේ ජනතාවගේ, ආර්ථිකමය වශයෙන් ඇති වෙලා තියෙන පීඩනයෙන් මිදීම සඳහා ඔවුන් තුළ තිබුණ අධිෂ්ඨානය අගය කිරීමකට ලක් වුණා.
මේ රටේ පුරවැසියෝ අධිෂ්ඨානශීලීව කටයුතු නොකළා නම් මේ තියෙන අමාරුකම් විඳ දරාගෙන සාමකාමීව ඉදිරියට යන්න කටයුතු නොකළා නම් අද මේ පවතින තත්වය අපිට අරගෙන එන්න බෑ.මැයි 15 වැනිදා, ගිය අවුරුද්දේ මැයි 15 වැනිදා කල්පනා කරලා බලන්න මොනවගේ රටක්ද තිබ්බේ කියලා.මෙතන්ට අරගෙන එන්න නිසි ප්‍රථිපත්තිමය තීන්දු ලබා දෙන්නට, ජනාධිපතිතුමන්ට හා රජයට පුලුවන් වුණා වගේම මේක ක්‍රියාත්මක කරලා මේ තැනට එද්දී අපේ රටේ පුරවැසියන් දැක්වූ දායකත්වය දේශීය වශයෙන් රජයත්, ජාත්‍යන්තර වශයෙන් සියලුම සංවිධානත් අගය කිරීමකට ලක් කරනවා.ඒ වගේම ආර්ථිකය අලුත් මුහුණුවරකට ගමන් කරද්දී එක පැත්තකින් හොඳ නැති දේ තමයි සිදු වෙච්ච දේ හැටියට උදාහරණයක් ලෙස ලංකාව, හැබැයි නැවත නැගිටීමේදී, සාර්ථකත්වයට ගමන් කිරීමේදී, උදාහරණය ලෙස ශ්‍රී ලංකාව ගන්න.අපේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ වසර අවසානය වන විට ඔබ අද මුහුණ දෙන යම් යම් අපහසුතා වලටත්, විසඳුම් ලබා දෙන්න පුලුවන් ආර්ථිකයක් මේ රට තුළ අනිවාර්යෙන්ම ගොඩනැගෙනවා කියලා යැයි පැවසීය.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුතුමියන්, දෙමාපියන් හා සිසු දරුදැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තිසර සමල් – අනුරාධපුර