Aboutceylon Online

නවතම කොරෝනා ප්‍රභේදයක් මෙරට පැතිර යන බවට සැකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දිනවල ව්‍යාප්ත වන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බවට වෛද්‍ය සංගමය පවසා තිබේ.

එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දී ඇත්තේ පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් දිවයින පුරා පැතිර යමින් පවතින බවයි.

මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ එක හා සමාන බැවින් ඒවා එකිනෙකින් වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.

එබැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කර තිබේ.

මීට අමතරව මී උණ ව්‍යාප්තියෙහිද සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳවද අවදානයෙන් පසුවන ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් නිවේදනය කර තිබෙන්නේ තද උණ සමග ඇස් රතු වීම, මස් පිඬුවල වේදනාව, තද පැහැ මුත්‍රා පිටවීම වැනි කලින් හඳුනා ගත හැකි රෝග ලක්ෂණ මගින් රෝගයේ සංකූලතා ඇති වීමට පෙර ප්‍රතිකාර ලබාගත හැකි බවයි.

Scroll to Top