ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇති දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) නියෝජිතයන් පිරිසක් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එම (ICC) නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හමුවීමට නියමිත බවද වාර්තා වේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) නියෝජිත පිරිස එළඹෙන 09 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව ඇති බවද වාර්තා වේ.