Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිනකට වරක් හෝ ආහාරයට ගත යුතු කෙසෙල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බාල කාලයේ පටන් මහලු විය දක්වා ඔබට හිතවත් පලතුරක් කියන්න කිව්වොත් ඔබගේ පිළිතුර “කෙසෙල්” වනු නොඅනුමානයි. ඒ තරමටම අපට කෙසෙල් හිතවත් පලතුරක්. අපි මුලින්ම රස බලන කෙසෙල් අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ ප්‍රදේශවල වැවෙන පලතුරකි. අපට නැතිවම බැරි මේ කෙසෙල් කැමැත්තෙන් කෑමට ගන්නා පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. ඒ තමන්ගේම වන්නේ වවපු කෙසල් ගසක ඇවරියකින් කන ගෙඩියක් කෑමට නම් ඒ පොෂණ ගුණය 100% ක් ම ඔබට ලැබෙනවා. රසායනික පොහොරවලින් තොර කෑමට නම් ඒ පොෂණ ගුණය 100% ක් ම ඔබට ලැබෙනවා. වස විසක් නැති ස්වභාවික පොහොර යොදා ගැනීම ඊට හේතුවයි.

ලෝකය පුරා කෙසෙල් වර්ග 160ක් පමණ ව්‍යාප්ත ව පවතී. ලංකාවේ ද කෙසෙල් වර්ග 60ක් පමණ වගා කරනු ලබන අතර එයින් කෙසෙල් වර්ග 15ක් පමණ බහුල වශයෙන් ආහාරයට එක් කර ගනියි. කෙසෙල්, මිලට සමාන ව ඉහළ රසයක් සහ ඉහළ පෝෂණ ගුණයක් දෙන සෑම වයස් කාණ්ඩයක ම සහ සෑම සමාජ තලයක ම වෙසෙන්නන්ට ආහාරයට ගත හැකි පලතුරකි. Musa Bulbacianaයන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ද රඹ සහ කදලිය යන නාමයන්ගෙන් ද හඳුන්වන රස ගුණ කෙසෙල් පිළිබඳ අද අපි දැනුම්වත් වෙමු.

ලංකාවේ අපි බහුල ව ආහාරයට ගන්නා කෙසෙල් වර්ග අතර ඇඹුල්, සීනි, කෝලිකුට්ටු, රත් කෙසෙල්, ආනමාලු, කැවෙන්ඩිශ්, ඇම්බුන් ආදිය මූලික වෙයි. නේත්‍රම්පලම් ලංකාවේ දි දැකිය හැකි විශාලත ම සහ මිලෙන් අධික ම කෙසෙල් වර්ගය වන අතර දැකගැනීම ද තරමක් දුර්ලභ ය. ඇම්බුන් කෙසල් 1927 දී ලංකාවට හඳුන්වාදුන් කෙසෙල් වර්ගයක් ලෙස සලකනු ලබයි. ඒ කෙසේ නමුත් මුල් කාලයේ ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව වැනි අග්නිදිග ආසියානු රටවල ප්‍රචලිත ව පැවැති මෙම පලතුර මුල් වරට ලංකාවට හඳුන්වාදෙන ලද්දේ ලන්දේසින් විසින් විය යැයි විශ්වාස කරයි. නමුත් වර්තමානය වන විට ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ මෙම වගාව සරුවට සිදු වන බව නම් නොරහසකි. අද වන විට කැවෙන්ඩිශ් වැනි මිහිරි රසැති කෙසෙල් වර්ග අපනයනය කිරීම ද සිදු වේ.

ඇඹිලිපිටිය, සූරිය වැව, බරවකුඹුක, අඟුණ‍ෙකාළ පැලැස්ස, ජඳුර, පදලංගල, හත්පෝරුව, කිරි ඉබ්බන්ආර වැනි ප්‍රදේශවල කෙසෙල් ආර්ථික භෝග වගාවක් ලෙස සිදු කරයි. ඒ අතර අළු කෙසෙල් ආහාරයක් ලෙස ද අනෙක් කෙසෙල් වර්ග පලතුරු ලෙස ද වගා කරන අතර පත්‍ර ලබා ගැනීමේ අරමුණින් කෙසෙල් වගාව සිදු කරන පිරිස ද වෙයි. කෙසෙල් කොළ සහ පට්ටා භාවිතයෙන් විවිධ විසිතුරු නිර්මාණ, ඇඳුම් සහ විසිතුරු ඇසුරුම් වෙළෙඳපොළට ඉදිරිපත් වෙමින් පවතින අතර අපනයන තත්ත්වයේ පවතින විශාල කර්මාන්ත ශාලා ද ඇත. ඒනිසා ඇතැමුන් එම නිෂ්පාදන අවශ්‍යතාවය වෙනුවෙන් ද මෙම වගාව සිදු කරයි. නාගරික භෝජනාගාර තුළ කෙසෙල් පත්‍ර මත තබා ආහාර ගැනීම ප්‍රචලිත වෙමින් පවතින නිසා පත්‍ර අලෙවිය වගාව ලෙස කරන පිරිසටත් වෙළෙඳපොළක් සකස් වෙමින් පවතී. ඉඳුණු කෙසෙල් භාවිත කරමින් කේක්, බිස්කට්, පාන්, සීරියල්, බීම, සැලඩ්, අයිස් ක්‍රීම් ආදී නිර්මාණාත්මක ආහාර ද සන්ධි රෝගීන් සඳහා බාම් වර්ග ද රූපලාවණ්‍ය ආලේපන ද නිෂ්පාදනය කරයි.

කැවුම් වැනි දේශීය රස කැවිලි සමඟත් බනිස්, පාන්, රොටී, බිස්කට් වැනි ආහාර සමඟත් කෙසෙල් ආහාරයට ගැනීම පුරුද්දක් වශයෙන් සිදු කරයි. එවන් විටෙක කෙසෙල් ගෙඩියේ රසයත් සමඟ කැවිලිවල රසය තවත් වැඩි වන අතර එය පෝෂණ ගුණයෙන් ද ඉහළ යයි. දකුණු පළාත් වැසියන් බත්, මීකිරි සමඟ කෙසෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. ප්‍රධාන ආහාර වේලකින් අනතුරුව අතුරුපසක් ලෙසින් කෙසෙල් ගෙඩියක් හෝ කිහිපයක් ආහාරයට ගැනීම නම් බොහෝ දෙනෙක් පුරුද්දක් ලෙසින් සිදු කරයි. එහිදී බොහෝ දුරට කෙසෙල් මඟින් සිදුවන ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම, මල බුරුල් කිරීම අපේක්ෂා කරයි. එමෙන්ම අතීසාරය වැනි මල දියරමය වශයෙන් පිටවන අවස්ථාවක මල ඝන බවට පත්කිරීමේ සුවිශේෂ හැකියාව ද ඉඳුණු කෙසෙල් සතුය.

ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීමේදී පැණි රසයක් දිවග‍ට දැණුනත් මධුර, අම්ල, තිත්ත, ලවණ, කටුක, කසට (පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, කටුක රස, කහට රස) යන රස හය ම පවතී. ඉදීමට ප්‍රථම ව නම් ඇඹුල් මිශ්‍ර කසට රසයක් පවතින අතර කෙසෙල් ගෙඩිය ඉදීමේ දි වෙනස්වන ජීව තත්ත්වයත් සමඟ එයින් මධුර රසයක් ඇති වේ.

කෙසේ වෙතත් දිනපතා අතුරුපසක් ලෙස ගන්නා පලතුරක් ලෙස හඳුන්වන කෙසෙල්වල ගුණ අගුණ සොයා බලමු.

පෝෂණයෙන් සපිරි පලතුරක්

විටමින් A ,B6,C සහ පොටෑසියම් හොඳින් පවතී. කෙසෙල් ලෙලි පල්පය මඟින් සම අව්වට පිච්චීමේදී ඇතිවන කළු පැහැය නැති කරයි. ඒ වගේම ඉදිමීම, කැසීම අඩු කරයි. පොටෑසියම් වැඩිපුරම අඩංගු පලතුර වනුයේ කෙසෙල්ය. ආහාරයට ගත් සැනින් ශක්තිය ලැබෙන්නේ ද කෙසෙල් වලිනි.

උත්සව අවස්ථාවලට මුලට කෙසෙල් ඇවරි

රසවත් පලතුරක් වන කෙසෙල් විවිධ වර්ගවලින් යුක්තයි. ඝර්ම කලාපීය රටවල කෙසෙල් හොඳින් වැවේ. අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වැවෙන කෙසෙල් ඉතාමත් ගුණදායක පලතුරකි. ශ්‍රී ලංකාව මැලේසියාව, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, දකුණු අපි‍්‍රකාව, දකුණු ඇමරිකාව, මැලේසියව වැනි රටවල කෙසෙල් හොඳින් ඵලදාව ලබා ගත හැකියි. කෝලිකුට්ටු, ආනමාළු, ඇම්ඹුම්, ඇඹුල් , සීනි කෙසෙල්, රත් කෙසෙල්, සුවඳැල්, පූවාලු ආදී අයුරින් විිවිධ වර්ගයන්ගෙන් හඳුන්වන මේ සෑම වර්ගයකම කෙසෙල් අපේ රටේ බහුලව ඇත. එහි පෝෂණ ගුණය බොහෝවිට එක සමානය. ඉදුණු කෙසෙල්වල වැඩිපුරම පෝෂ්‍ය කොටස් ඇත.

සැලකිය යුතුයි

ඇදුම, කැස්ස ඇති අයට ඇඹුල් කෙසෙල්, ආනමාළු සුදුසු නැත. සිසිල් ගුණයෙන් යුත් මෙම කෙසෙල් වර්ග කෑමට ගැනීමෙන් ඒ ආශි‍්‍රත රෝග වර්ධනය විය හැකියි. කෝලි කුට්ටු ආහාරයට ගැනීමේදී ඔබ ප්‍රවේශම් විය යුත්තේ දිරවීමට ඇති අපහසුව නිසයි. කෙසෙල් ඕනෑම වකුගඩු රෝගියෙකුට

දීමේදී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

සුවඳැල්

බොහෝ ගුණ දෙන වර්ගයකි. සුවඳැල් කුඩා දරුවන්ට යෝග්‍යයි. මෙහි ලෙල්ල ඉතා තුනී සියුම්ය.ඉතාමත් රසවත් වර්ගයක් ලෙස හැඳින්විය හැකියි. එසේම පෝෂණයෙන් සපිරි නිසා කිසිම අයෙකුට අගුණ නැත. පොටෑසියම් ප්‍රමාණය වැඩි නිසා වකුගඩු රෝගීන්ට අගුණ වේ.

රත් කෙසෙල්

පොත්ත තද රතුපාට ඇති රත් කෙසෙල් පෘෂ්ඨිමත් ගතියකින් යුක්තය. මෙහිද ඉහළ පෝෂණ ගුණයක් ඇත. කුඩා දරුවන්ට දිය හැකියි. කන් කැක්කුමට දෙනු ලැබේ. වකුගඩු රෝගීන් හැර සැමට එකසේ හොඳයි.

පූවාලු

සීතල ගුණයෙන් යුක්ත කෙසෙල් වර්ගයකි. මොළොක් ගතියකින් යුක්ත ද වේ. සීනි කෙසෙල්වලට වඩා විශාල වේ. මින් ලැබෙන ශක්තිය වැඩියි. සැමට එක හා සමාන ගුණ දේ.

නේත්‍රාපලම්

මෙය පෝෂණ ගුණයෙන් ඉහළයි. ඇස් පෙනීම දියුණු කරයි. හිසේ රෝගවලට ගුණයි. දරුවන්ට බොහෝවිට දෙනු ලබන්නේ විවිධ රෝගවලට ගුණ දෙන බැවිණි. එසේම ඇස්වල දීප්තිය හා පෙනීම හොඳින් ලබා දෙන නිසාය. මෙය මිලෙන් ඉහළයි. දුර්ලභයි. වැවීමට දුෂ්කර වන නේත්‍රපලම් ප්‍රමාණයෙන් දිග හා විශාලයි. රසයෙන් ද ඉහළයි.

බිම් කෙසෙල්

සෙම් රෝගීන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. පෝෂණ ගුණ ඇත. මෙහි විශේෂය නම් බිම් කෙසෙල් ගස වැඩිය උස නොයෑමයි. තරමක මිටි කෙසෙල් ගස්වල කැන පහත වැඩේ. සමහර බිමට පහත් විය හැකියි. ඉතාමත් රසවත් මෙන්ම කුඩා දරුවන්ට ද දිය හැකි ගුණදායක වර්ගයකි.

ඇඹුල් කෙසෙල්

පලතුරු සලාදවලට ඇඹුල් කෙසෙල් භාවිතා කරයි. සිසිල් ගතියෙන් යුක්ත නිසා සෙම වඩන ගතියක් ඇත. ඒ නිසා සෙම ඇති අය නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත. එසේම ඇදුම, හතිය, පීනස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති අයට ද හොඳ නැති බව වෛද්‍ය මතයයි. මෙහි විටමින් ඛ් බහුලව ඇතත් සෙම්ප්‍රතිශ්‍යාවට සුදුසු නොවන්නේ ඇඹුල් කෙසෙල්වල පවතින සීතල ගුණය නිසාය. වකුගඩු රෝගීන්ට මේවා අධිකව ගැනීම සුදුසු නැත.

කෙසෙල්වල පවතින ඖෂධීය වටිනාකම

ආහාර හොඳින් දිරවීමට පහසු කරයි. ශරීරයේ කාමලාව නැති කරයි. පලතුරක් ලෙස කෑමෙන් ක්ෂණික ශක්තිය ලබා දේ. පිළිකා නසන ගුණය ඇත. විශේෂයෙන්ම අන්ත්‍ර පිළිකා, පියයුරු පිළිකා හා වකුගඩුවල ඇතිවන පිළිකා වේ.

අම්ල පිත්ත රෝගයට හෙවත් ආමාශයේ ඇතිවිය හැකි තුවාලවලට කෙසෙල් ආහාරයට ගැනීමෙන් සුවයක් දැනේ. සමේ ඇතිවන තුවාල සුව වීමට උදව් වේ. විෂබීජ නාශක ගුණයක් ඇත. ශරීරයේ ලේ හිඟකම හෙවත් නීරක්තිය ඇති අයෙකුට ඉන් මිදීමට උදව් වේ. මුත්‍රාශයේ ගල් නැති කරයි. පිත්තාශයේ ගල් නැති කරයි. සීතල ගුණයක් ඇත. ශරීරයේ උෂ්ණත්වය අඩු කරන ගුණයක් ඇත. මල බද්ධයට ගුණයි.

මල හොඳින් පිට කරයි. අර්ශස්වලට සුදුසුයි. සුව නින්දක් ලබා දේ. ආහාර හොඳින් ජීර්ණය වේ. මානසික ඒක්‍රාග්‍රතාව ඇති කරයි. මොළයේ වර්ධනය ඇති කරයි. ආතතිය පාලනය කරයි. මතකය වැඩි කරයි. ප්‍රබෝධමත් ගතිය ඇති කරයි.

හිත සතුටින් තබයි. මානසික තෘප්තිය ඇති කරයි. රුධිර පීඩනය අඩු කරනු ලැබේ. ශරීරයේ රක්තය වැඩි කරයි. (රතු සෛල) ඉගෙන ගන්නා ළමුන්ගේ උද්යෝගය ඇති කරයි. ශරීරයේ රුධිරයේ සීනි ප්‍රමාණය අවශ්‍ය පරිදි පාලනය කරයි. උගුර දැවිල්ල නැති කරයි.

ශරීරයේ ඉදිමුම නැති කරයි. ශරීරයේ කසන ගතිය නැති කරයි. ඔක්කාරය හා වමනය නැති කරයි. ඉන්නන් සුවපත් කිරීමට හැකියි. ශරීරය පැහැපත් කරයි. පක්ෂාගාත රෝගවලින් ආරක්ෂා කරයි. ස්නායු පද්ධතියට ගුණයි. හිරිය නැති කරයි. හද ගැස්ම අඩු කරයි. හොඳින් කන් ඇසීම හා ඇස් පෙනීම සිදු කරයි. බුද්ධි වර්ධනය කරයි.

විදුරුමස්වලින් ලේ ගැලීමේ රෝගයෙන් පෙළෙන්නන්ට කෙසෙල් වලින් අපූරු සුවයක් ලැබේ. බඩ දැවිල්ලට ගුණදායකයි. ශරීරයේ හෝර්මෝන, එන්සයිම සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීම සිදු වේ. දුම්පානය වළක්වා ගැනීමට තරම් අපූරු රසායනික ගුණයක් කෙසෙල්වල අඩංගුයි. සෙංගමාලය රෝගය සෑදී ශරීරය අප්‍රාණික වූ කෙනෙකුට කෙසෙල් පලතුර ආහාරයට දීමෙන් ශරීරය ප්‍රාණවත් වේ. අසාත්මිකතා නැති කර ගැනීමට ශරීරයට උදව් වේ.

ඩී.එන්.ඒ. වලට හානිවීම වළකයි

කහ පැහැ ආහාරවල කැරොටොනොයිඩ බයොෆ්ලෙවනොයිඩ අඩංගුයි. කෙසෙල්වල ද කැරොටොනොයිඩ පවතින බැවින් සිරුරේ එක් එක් කොටස් මේ මඟින් ආරක්ෂා කරනු ලබයි. එනම් ඩී.එන්.ඒ. වලට හානි සිදුවීම වළක්වයි. එමඟින් පියයුරු පිළිකා, ආහාර මාර්ගය ආශි‍්‍රත පිළිකා, පුරස්ථි ග්‍රන්ථියේ හා මුත්‍රා මාර්ගයේ පිළිකා ඇතිවීමට තිබෙන ඉඩකඩ ද ඇහිරෙයි.

මීටත් අමතරව කැරොටොනොයිඩ ප්‍රතිශක්ති කරන පද්ධතිය ද සවිමත් කරයි. වයසත් සමඟ ඇතිවන මාංශ පේශීන් දියවීම, ඇසේ සුද ඇති වීම අවම කිරීම කහ පැහැති ආහාර (එළවළු, පලතුරු) වලට ලැබේ. මුත්‍රාශයේ පිළිකා හා ඔස්ටියෝපොරෝසීස් රෝග තත්ත්වයන් ද එම කහ පැහැ ආහාර ගැනීමෙන් වළකා ගත හැකියි. ඒ අනුව කෙසෙල් මේ රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාවට සුදුසු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

වකුගඩු රෝගීන්ට

පොදුවේ වකුගඩු රෝගීන්ට කෙසෙල් ආහාරයට ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වඩා සුදුසුයි. කෙසෙල්වල අධික පොටෑසියම් පවතින බැවින් එය වකුගඩු රෝගීන්ට අගුණය.

සෙරෝටොනින් අඩංගුයි

කෙසෙල් ගෙඩියක සුළුවෙන් අඩංගු සෙරෝටොනින් නම් ඇමයිනෝ අම්ලය නිසා ඔබගේ හදවතට එතරම් ගුණදායක නොවන්නට පුළුවන. එසේ වන්නේ ඔබ දිනපතාම අතුරුපසට කෙසෙල් ගැනීම කළහොත්ය. ඒ නිසා දිනපතාම කෙසෙල් කෑමට නොගෙන වෙනත් පලතුරුවලට මාරුවීමට සිදු වේ.

කෙසෙල්වල මුහ

මේවා ව්‍යංජනවලට ගනී. ඉතාම ගුණදායක වේ. සැම කෙසෙල් වර්ගයකින් මුහ පිසීමට නොගනී. ඇඹුල් කෙසෙල් මුහ තිත්ත වේ. ඒ නිසා එය ව්‍යංජනයකට පිසීමට ගන්නේ නැත. නමුත් සීනි කෙසෙල් මුහ ව්‍යංජනයට යෙදා ගනී.

අළු කෙසෙල්

කෙසෙල් වර්ගයක් වුවත් අළු කෙසෙල් ව්‍යංජනයක් ලෙස භාවිතා කරයි. එය ජනපි‍්‍රය වන්නේ ද ව්‍යංජනයක් ලෙසයි.

කෝලි කුට්ටු

කෝලි කුට්ටු බලය, ශක්තිය වඩයි. රෝගීන්ට දෙනු ලබයි. නමුත් දිරවීමට අපහසු බව මතක තබා ගන්න. ඒ වගේම දිරවීමට කාලය ගනියි. ආහාර ජීර්ණයේ අපහසුතා ඇති අයට කෝලි කුට්ටු කෑමෙන් වැළකී සිටීම හොඳයි.

හොඳ පෝෂණ ගුණයක් පවතින බැවින් කුඩා දරුවන්ට සුදුසුයි. ස්වභාවික සීනි ඇති නිසා ක්ෂණික ශක්තිය ලබා දේ. ක්‍රීඩා කරන අයට, ඇඟ වෙහෙසා වැඩ කරන අයට වඩාත් සුදුසු කෙසෙල් වර්ගයකි. සෙම් රෝගීන්ට සුදුසුයි.

සීනි කෙසෙල්

වැඩිදෙනා අතර භාවිතා වන කෙසෙල් වර්ගයකි. මිලෙන් ද අඩුයි. පහසුවෙන් වගා කළ හැකියි. එසේම පහසුවෙන් ව්‍යාප්ත වේ. මෙහි ලෙඩ රෝග වැළඳෙනවා අඩුයි. මල බද්ධයට හිත කරයි. සිසිල් ගතිය තිබුණත් සෙමට අගුණ නැත. ලොකු කුඩා සැමට එක සේ ආහාරයට ගත හැක.

ආනමාළු/ඇම්ඔුම්

මේවා සීතාධික වේ. සෙම් රෝගීන්ට අගුණයි. රාත්‍රියට ගැනීමේදී ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වළකින්න. උෂ්ණාධික රෝග ඇති අයට සුදුසුයි. ආනමාළු/ඇම්ඔුම් වැනි කෙසෙල් වර්ග සුවඳවත් භාවය කෑම රුචිය ඇති කරවයි. ඉතාමත් පි‍්‍රය උපදවන ගතියකින් යුතු රසයක් ඇත.

ස්වභාවික සීනි වර්ග නිසා ශක්තිය

සුක්රෝස් (sucrose), ග්ලුකෝස් (Glucose), ස්‍රක්ටෝස් (sructose) යන සීනි වර්ග කෙසෙල්වල පවතින බැවින් ආහාරයට ගත් සැනින් ශක්තිය ලබා දේ.

කෙසෙල්වල අඩංගු ප්‍රධාන පෝෂක වර්ග හා පෝෂ්‍ය අගයන්

(කෙසෙල් 100g ක)

ශක්තිය (කිලෝ ජූල්) 371

කාබොහයිඩ්‍රේට් 22.84g

සීනි 12.23g

තන්තු 2.6g

මේදය 0.33g

ප්‍රෝටීන්1.09g

විටමින් ඒ 0.3mg

විටමින් ඕ6 0.367mg

විටමින් ඛ් 8.7mg

කැල්සියම් 5mg

යකඩ 0.25mg

මැග්නීසියම් 27mg

පොස්පරස් 22mg

පොටෑසියම්357mg

සින්ක් 0.15mg

තයමින් 0.031mg

ස්වර්ණා

Scroll to Top