ජාතික වෙසක් සතිය අද (02) දිනයෙන් ආරම්භ වන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
අද සිට එළඹෙන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කරයි.
බුදුරාජණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවන් පෑම යන උතුම් සම්බුදු තෙමගුල සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය යෙදී ඇත්තේ ලබන 05 වැනි දාටයි.
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.